Sinhala

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය  ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

Summary

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF)  විසින් පසුගියදා හවුල්කාරිත්වයක්  ආරම්භ කරන  ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ […]

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF)  විසින් පසුගියදා හවුල්කාරිත්වයක්  ආරම්භ කරන  ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි.

උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත් STIHL power tool පරාසය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස DIMO කටයුතු  කරන අතර STIHL Tea Pruner සහ Tiller Machines සඳහා සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ පිරිනැමීමට Sarvodaya Development Finance අපේක්ෂා කරයි. මෙම විසඳුම් ඔස්සේ  අධික ප්‍රාග්ධනයක් දරමින් කෘෂි උපකරණ මිලදී ගැනීම වෙනුවට ගොවි ජනතාවට අත්‍යවශ්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමට පහසු ක්‍රමවේද සපයයි. මෙය ගොවීන්ගේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට කදිම අත්වැලක් සපයන අතර ගොවි ජනතාවට බෝග සහ අනෙකුත්  මුලික  අවශ්‍යතාවයන් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙයි. මෙම ලීසිං දීමනාව උපයෝගී කරගන්නා පාරිභෝගිකයන් Tiller Machines සඳහා 20%ක් සහ Tea Pruner සඳහා 10%ක මූලික ගෙවීමක් සිදුකළ  යුතුය.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි Retail අංශයේ ප්‍රධාන මෙහෙයුම්  නිලධාරී රඛිත ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. “ගොවින් රැසකට නවීන කෘෂිකාර්මික උපකරණ හඳුන්වා දීම වෙනුවෙන් Sarvodaya Development Finance සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. නව්‍ය විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  වර්ධනයට  සහයෝගය දැක්වීම පිළිබඳ  අපගේ කැපවීම  මෙම සහයෝගීතාව හරහා මැනවින් විදහා දැක්වෙනවා.”

Sarvodaya Development Finance හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය.  “DIMO සමඟ  අත්වැල් බැඳගනිමින් ඉහළ ඵලදායිතාවයක් සඳහා අවශ්‍ය කෘෂි මෙවලම් ලබාදීම ඔස්සේ ගොවි ජනතාව සවිබල ගැන්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ  අපි Sarvodaya Development Finance ලෙස නිහතමානීව ආඩම්බර වෙනවා. මෙරට කෘෂිකර්මාන්තයේ  සමස්ත සංවර්ධනයට දායක වෙමින් ගොවීන්ගේ  නිශ්චිත අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනැමීමට අපගේ හවුල්කාරිත්වය ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා.”

Sarvodaya Development Finance ග්‍රාමීය ප්‍රදේශ තුළ සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී තිබීම මෙන්ම ගොවි ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳ ඔවුන් සතු සුවිශේෂී දැනුම මෙම හවුල්කාරිත්වය සඳහා ඔවුන් තෝරාගැනීම කෙරෙහි හේතු වූ ප්‍රධාන සාධකයක් විය. ගොවීන් වෙනුවෙන් ඔවුන් වඩාත් ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනමා ඇති අතර ඒ ඔස්සේ  ඔවුන්ගේ දැක්ම හා කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. දේශීය ආර්ථික සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඔවුන්ගේ කැපවීම ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ DIMO හි අරමුණ හා මනාව සමාන වේ.

තේ වතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති STIHL Tea Pruner යන්ත්‍රය අස්වැන්න නෙලීමෙන් පසු තේ පඳුරු කප්පාදු කිරීමට යොදාගනියි. STIHL Tiller යන්ත්‍රය එළවළු වගා , කුඹුරු සහ අනෙකුත් බෝග වගා රැසක් සඳහා ඉවහල් කර ගත හැකිය. මිශ්‍ර භෝග ගොවීන් සඳහා ද මෙම Tiller යන්ත්‍රය  වඩාත් සුදුසු වන අතර එමඟින් වැඩි ශ්‍රමයක් යෙදිය යුතු සහ ඉතා අභියෝගාත්මක බිම් වැඩ වුවද වඩාත් සරල කරයි.

මෙහි භාවිත වන worm gear drive මගින් වැඩි කම්පනයකින් තොරව යන්ත්‍රය ක්‍රියාත්මක කරවන අතර හොඳින් සැලසුම් කරන ලද වක්‍ර handlebar එක සිරුරේ උසට ‍යන්ත්‍රය සකසා ගනිමින් පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව සලසයි. මෙහි තිබෙන reverse gear සහ forward gear ද්විත්වය ඇතුළුව  බර බෙදාහැරීමේ හැකියාව  නිසා ගොවි ජනතාවට  අඩු වෙහෙසකින්  යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දෙයි.  Tiller යන්ත්‍රයේ සෙන්ටිමීටර 100ක පළලකින් යුත් ක්‍රියාකාරීත්වය හරහා විශාල කෙත්වතු, වගා බිම් ඵලදායි ලෙස වගා කටයුතු සඳහා යොදාගැනීමේ අවස්ථාව උදා කර දෙයි.  මෙම යන්ත්‍ර ද්විත්වයේම විශ්වසනීය බව සහ ඵලදායි ක්‍රියාකාරීත්වය එය නිමවී ඇති නවීන උසස් ජර්මානු තාක්ෂණයෙන් සහතික කරයි.

මෙම යන්ත්‍ර සඳහා ද  DIMO මගින් අලෙවියෙන් පසු පුළුල් සේවාවක් පිරිනමන  අතර ස්ථානීය නඩත්තුව, නියම අමතර කොටස් ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශය, සේවා වගකීම සහ පුහුණු සේවා ඊට ඇතුළත් වේ. මෙමගින් ගොවීන්ට සිය ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභයන් ලබාගැනීම සහතික කරයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම එහි සාර්ථකත්වය වැඩි දියුණු කරමින් ගොවිජනතාව සවිබල ගැන්වීම උදෙසා තබන ලද වැදගත් පියවරක් ලෙස DIMO  සහ Sarvodaya Development Finance  අතර අරඹන ලද මෙම හවුල්කාරිත්වය හැඳින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *