Sinhala

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් Hayleys Solar විසින්සූර්යබලය පිළිබඳ රචිත ‘ඉර මල සහ මී මැස්සා’ ළමා කතා පොත එළි දක්වයි

Summary

ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම නිමිති කරගනිමින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත ‘ඉරමල සහ මී මැස්සා’ (Sunflower And The Bee) නමින් ළමා […]

ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම නිමිති කරගනිමින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත ‘ඉරමල සහ මී මැස්සා’ (Sunflower And The Bee) නමින් ළමා කෘතියක් එළිදක්වන ලදී. මෙම කෘතිය සූර්ය බලයේ ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම ‘සූර්ය බලය සහ ඒ පිළිබඳ අපගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කරමින් එය ක්‍රියාවට නැංවීම සඳහා තිබෙන වගකීම පිළිබඳ හැඟීමක් යොවුන් පාඨකයා තුළ ජනිත කරවීම උදෙසා Hayleys Solar හි මෙහෙවරෙහි මුලපිරීමකි.

මෙම අවස්ථාවට එක්වෙමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සූර්ය බලශක්තිය පිළිබඳ රචනා කරන ලද මෙම ළමා කතා පොත එළිදැක්වීම මඟින් අපි අරමුණු කරන්නේ අපගේ අනාගත පරපුර තිරසාර බලශක්ති විසඳුම් වෙත නැඹුරු කරවීම සහ ඒ පිළිබඳ ඔවුන් තුළ කුතුහලයක් ඇති කිරීමයි. අපගේ පරමාර්ථය වන්නේ අපේ සුන්දර දේශයට තිරසාර අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය දැනුමෙන් සහ ඒ පිළිබඳ කැමැත්තක් අප දරුවන් තුළ ඇති කිරීමයි.”

Hayleys Solar හි ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳ සිය අදහස් එක් කළේ මෙසේය. “මෙම පොත මඟින් දරුවන්ට සූර්ය බලය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙන අතරම බලශක්ති අවශ්‍යතා සඳහා ඇති තිරසාර විසඳුම් පිළිබඳ ඔවුන්ට දැනුමක් පිරිනමනවා. එසේම අපේ රටේ අනාගත නායකයන් වන ඔවුන් තව තවත් පරිසරය සුරැකීම කෙරෙහි නැඹුරු කිරීම සඳහා මෙම කෘතිය ඉවහල් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා.”

‘ඉරමල සහ මී මැස්සා’ කෘතියේ පළමු පිටපත් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා විසින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා වෙත පිළිගන්වන ලදී.  එමෙන්ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති  චන්දු හපුතන්ත්‍රි මහතාට, ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වන නාමල් රත්නායක මහතාට මෙන්ම තවත් පාසල් සිසුන් රැසකට උත්සවය අතරතුර පිළිගන්වන ලදී. මෙම කෘතියේ පිටපත් 10,000 ක් පමණ මේ වන විට නිකුත් කර ඇති අතර ‘ඉරමල සහ මී මැස්සා’ කෘතියේ ඩිජිටල් පරිවර්තනය ද https://youtu.be/QfVVTIfo8h0  ඔස්සේ රසවිඳිය හැකියි. එමෙන්ම එහි චරිතවල හඬ කැවීම් කටයුතු Hayleys Fentons හි කාර්ය මණ්ඩලයේ දූ දරුවන් විසින් සිදුකර තිබීම එහි තවත් එක් කැපී පෙනෙන විශේෂත්වයක් වේ.

එලෙසින්ම මෙවර ජාත්‍යන්තර ළමා දිනය Hayleys Fentons විසින් සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දූ දරුවන් වෙත විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් තිළිණ කරමින් සමරනු ලැබීය. එහිදී Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා විසින් “ඉරමල සහ මී මැස්සා” කෘතිය කියවා එය  Hayleys  සහ Hayleys Fentons නිලධාරීන් සමඟ එක්වී පැමිණ සිටි දරුවන් වෙත පිළිගැන්වීම ද සුවිශේෂී අවස්ථාවක් විය. 

පසුගියදා BMICH හි පැවැත්වුණු පොත් ප්‍රදර්ශනයේදී මාසික විදුලි බිල්පත් Hayleys Solar හි Sun Studio වෙත ඉදිරිපත් කිරීමෙන් මෙම ළමා කතා පොත නොමිලේ ලබා ගැනීමටද අවස්ථාව හිමිවී තිබිණි. එසේම සියලුම පාසල් සහ පුස්තකාල සඳහා 0112 102 102 යන දුරකතන අංකයෙන් Hayleys Solar ඇමතීමෙන් මෙම ළමා කතා පොතෙහි පිටපත් නොමිලේම ලබා ගැනීමටද Hayleys Solar සැමටම ආරාධනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *