Sinhala

සහයෝගීතාවය සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබිඹු කරමින් 2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පැවැත්වෙයි

Summary

Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර […]

Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි.

ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම  ඉතා ශීඝ්‍රයෙන් විකාශනය වන තොරතුරු තාක්ෂණික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබාදීම සහ දකුණු ආසියාව තුළ Huawei සමාගමේ දියුණුව උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කළ සැපයුම්කරුවන්ගේ දායකත්වය ඇගයීමද මෙහිදී සිදුවිය.

අන්‍යෝන්‍ය දියුණුව පිළිබඳ වර්ධනයට අවධානය යොමු කරමින්, මෙහිදී 5G, AI, cloud computing සහ ඩිජිටල් තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල නව අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවිය.

බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 140කට අධික පිරිසක් 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතියට සහභාගී විය.

බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල්හි Huawei සැපයුම්කරුවන්ගේ

“එකට එක්ව සහයෝගයෙන් කටයුතු කර, එක්ව ජය ගමු” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සම්මුතිය Huawei සමාගම සහ එහි සැපයුම්කරුවන් අතර ව්‍යාපාරික ගණුදෙනු සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. මෙහිදී 5G, AI, cloud computing සහ ඩිජිටල් තාක්ෂණය වැනි නැගී එන ක්ෂේත්‍රවල ඇති අවස්ථා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ අතර අන්‍යෝන්‍ය සහයෝගීත්වයේ වැදගත්කම අවධාරණය කළේය.

Huawei හි වැදගත් පියවරක් ලෙස Smart South Asia Strategy එළිදක්වමින් Huawei හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂක පැන් ජුන්ෆෙග් මහතා සිය අදහස් දක්වමින් “Smart South Asia Strategy සමඟින් Huawei සමාගම ඉදිරි වසර 10 ඇතුළත ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට උපායමාර්ගිකව කටයුතු කරනවා. 2025 වර්ෂයේදී වාහක සේවා, රාජ්‍ය සහ ව්‍යවසාය සේවා, cloud ආශ්‍රිත සේවා සහ ඩිජිටල් තාක්ෂණය වැනි අංශ ඔස්සේ දකුණු ආසියාව තුළ අප ව්‍යාපාරය වේගයෙන් ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වනවා. බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානය වැනි රටවල් පුරා මෙම මෙහෙයුම් කටයුතු සිදුකිරීමට අප සැලසුම් කර තිබෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ජුන්ෆෙග් මහතා විසින් Huawei හි සැපයුම්කරුවන්ගේ ඇති කැපවීම ද අගය කළ අතර සහයෝගීතාවයේ වැදගත්කම සහ එහි සාර්ථකත්වය පිළිබඳවද අවධාරණය කළේය. එමෙන්ම “ඉහළම ගුණාත්මකබාවයකින් යුත් සේවා සහ නිෂ්පාදන ලබා දෙන අතරම තවත් ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමට අප කටයුතු කළ යුතු වනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ Huawei හි ප්‍රධාන විධායක නිලධාරී චැං ජින්සෙ මහතා සිය පිළිගැනීමේ කතාවේදී Dialog සහ Airtel හි ජාල ඒකාබද්ධ කිරීමට ගත් පියවර වැදගත් මෙන්ම කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවට පත්වූ බව අවධාරණය කළේය. එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් “මේ වසරේ, අපි එක්ව වැදගත් අවස්ථා රැසක් උදාකරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට  Dialog සහ Airtel ජාල ඒකාබද්ධ කර දින 100 ක් සම්පූර්ණ කරනවා. මෙලෙස ඒකාබද්ධ කිරීම සුළුපටු කාර්යභාරයක් නොවන අතර ඒ සඳහා කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කිරීම, විශේෂඥභාවය සහ සාර්ථකත්වය සඳහා සියළු හවුල්කරුවන්ගේ  කැපවීම අත්‍යාවශ්‍ය වනවා. මෙම ව්‍යාපෘතිය, සහයෝගීතාවය, දැඩිව අවධානය යොමු කිරීම සහ අධිෂ්ඨානය සමඟින් ජයග්‍රහණයක් ලබාගත හැකි බවට හොඳ උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන්”  යනුවෙන් ප්‍රකාශ කළේය.

වත්මන් රජයේ දැක්ම පිළිබඳව ධනාත්මක ලෙස අදහස් ප්‍රකාශ කරමින් ජින්සෙ මහතා පැවසුවේ ඩිජිටල්කරණය සිදු කිරීම සඳහා පර්යේෂණ සහ තාක්‍ෂණ දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවීම සැබවින්ම වැදගත් බවයි.

“රජය විසින් සිදුකරගෙන යන මෙම ඩිජිටල්කරණ ප්‍රයත්නය නව අවස්ථා රැසක් ඇති කරමින්, නවෝත්පාදනයන් සහ නව හැකියාවන් සඳහා අවකාශය සලසමින් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළට විවිධ ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. මෙය විවෘත හා වෙනස්වන සුළු  පරිසරයක් වන අතර, ඒ නිසාවෙන් මතුවන නව අදහස් අපි සාදරයෙන් පිළිගන්නවා. මේ අනුව 2025 වර්ෂය සඳහා අප ටෙලිකොම් උපකරණ, කළමනාකරණ සේවා සහ නව දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පුරා සැලසුම් දියත් කිරීමට බලාපොරොත්තු වනවා. අප පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ සහයෝගය සමඟින්, ඔවුන්ගේ නිරන්තරයෙන් වෙනස්වන අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දීමට සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් හොඳ සම්බන්ධතා ජාලයකින් යුත් සහ ශක්තිමත් අනාගතයක් හැඩගැස්වීමට අපට හැකි බව අප විශ්වාස කරනවා” යනුවෙන් ජින්සෙ මහතා පැවැසීය.

ආරාධිත ප්‍රධාන කථිකයෙකු ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීම අරමුණු කරගත් ICTA ආයතනය පිළිබඳ සහ වත්මන් රජයේ මුලපිරීම් නව ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම සිදු කළේය. ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනය සඳහා විවිධ වෘත්තිකයන් සහ රාජ්‍ය අමාත්‍යාංශ යන කොට්ඨාස දෙකම ක්‍රියාකාරීව එකට එක්ව කටයුතු කරන බැවින් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙන්ම වැදගත් අවස්ථාවක් බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා සිය ප්‍රධාන දේශනය පවත්වමින්

“පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකය හඳුන්වා දීමේදී ICTA ආයතනය විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙම දැක්ම ආරම්භ කිරීමට, ක්‍රියාත්මක කිරීමට සහ ක්‍රියාවට නැංවීමට උරදුන් පුද්ගලයෙකු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම   සහ මේ සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීමත් සමඟ මෙහි ඉතාම ශක්තිමත් ස්ථානයක අප සිටිනවා. Huawei සමාගම පළමු දිනයේ සිටම රජය සමඟ එක්ව මෙම ගමනට දායක වූ නිසාවෙන් ඔවුන්ට කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා” යනුවෙන් සමරරත්න මහතා සඳහන් කළේය.

සමරරත්න මහතා තවදුරටත් 2030 වර්ෂය වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වූ දැක්ම ද ඉදිරිපත් කළේය. ඔහු ඒ වන විට තොරතුරු තාක්ෂණ අංශයේ අපනයනවලින් ඩොලර් බිලියන 5 ක ආදායමක් ලැබීමට බලාපොරොත්තු වන අතර, එය වත්මන් ආදායම වන ඩොලර් බිලියන 1.2 ට වඩා සිව් ගුණයක වර්ධනයක් සනිටුහන් කරනු ඇත. මීට අමතරව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ශ්‍රම බලකාය 85,000 සිට 200,000 දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර විදේශ පුහුණුව ලත් වෘත්තිකයන් 17,500 සිට 27,000 දක්වා වර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

“මෙම මුලපිරීම මගින් තිරසාර සංවර්ධනයක් සඳහා පැහැදිලි ගමනක් ආරම්භ කර ඇති අතර ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව සතු කැපවීම පෙන්නුම් කරනවා. මේ ගමනේ කොටස්කරුවෙක් වෙන ලෙසට අප ඔබට ආරාධනා කරනවා” යනුවෙන් තවදුරටත් ඔහු සඳහන් කළේය.

Huawei සමාගමේ දකුණු ආසියානු කලාපීය බෙදාහැරීමේ සහ සේවා හි උප සභාපති ෂු හාවොජින් මහතා විසින් 2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියාවේ ප්‍රධාන ව්‍යාපෘතිවල සාරාංශයක් ද මෙම සමුළුවේ දී ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියාවේ ප්‍රධාන ව්‍යාපෘතිවල සාරාංශය ඉදිරිපත් කරමින් Huawei සමාගමේ දකුණු ආසියානු කලාපීය බෙදාහැරීමේ සහ සේවා හි උප සභාපති ෂු හාවොජින් මහතා

2025 වර්ෂය සඳහා වන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දෙමින් ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන් සඳහා සමාගම සතු කැපවීම පැහැදිලි කළේය. දකුණු ආසියානු කලාපය පුරා Dialog 5G සහ දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති, Mobitel 5G rollout සහ ජාල වැඩිදියුණු කිරීම් වැනි ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව දකුණු ආසියානු කලාපය පුරා ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගීතාවයේ පවතින වැදගත්කම අවධාරණය කරමින් උත්සවය අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *