පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි
Summary
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. […]
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත සහ ගෘහස්ථ විසඳුම් යන සියලුම අංශ සඳහා පුළුල් සේවාවක් සලසනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මාරවිල සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාව සවිමත් කිරීම අපගේ මෙම ව්‍යාප්තියේ මූලික අරමුණයි. ප්‍රවාහන, කෘෂිකර්මාන්තය මෙන්ම ගෘහස්ථ විසඳුම් පිළිබඳ නවීනතම විසඳුම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් මෙම කලාපයේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපි අපේක්ෂා කරනවා.”
TATA වාහන බෙදාහැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙස DIMO වසර ගණනක් පුරා අඛණ්ඩව කටයුතු කරන අතර නවතම මාරවිල DIMO CAREHUB ඔස්සේ ද වාහන අලෙවිය සිදුකරන අතර TATA නියම අමතර කොටස් සහ ලිහිසි තෙල්, TATA වාහනවල අළුත්වැඩියාව, එන්ජින් සහ අනෙකුත් උපාංග අළුත්වැඩියාව , අභ්‍යන්තර සහ බාහිර පිරිසුදු කිරීම වැනි සේවාවන් රැසක් සමඟ අලෙවියෙන් පසු පුළුල් සේවාවක් ද ලබා දෙයි. එමඟින් ප්‍රදේශයේ සිටින TATA පාරිභෝගිකයන්ගේ වාහන සම්බන්ධ සියලුම අවශ්‍යතාවයන් එකම වහලක් යටින් පහසුවෙන් සපුරා ගැනීම සහතික කරයි. එමෙන්ම සේවා කටයුතු සඳහා ඉහළ සුදුසුකම් සහ නිපුණතාවක් සහිත විශේෂඥයන් තෝරා ගැනීම ඔස්සේ පාරිභෝගිකයන්ට ප්‍රමිතිගත සේවයක් ලබාදීම සඳහා DIMO දරන උත්සහයන් මැනවින් පැහැදිලිවේ.
TATA වාහනවලට අමතරව ට්‍රැක්ටර් සහ අස්වනු නෙලන යන්ත්‍ර වැනි කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ද මෙම නවීන CAREHUB මඟින් විසඳුම් ලබාදීම ද තවත් සුවිශේෂී කරුණක් වන අතර DIMO හි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය මෙම DIMO CAREHUB තුළින් තවදුරටත් සවිබල ගැන්වේ. එමෙන්ම Michelin, Kumho, Sailun සහ MRF ටයර් වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදන මෙන්ම DIMO LUMIN බල්බ සහ ස්විච, Black + Decker ගෘහ උපකරණ සහ WD-40 වැනි උසස් තත්ත්වයේ නිෂ්පාදන ද CAREHUB මඟින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය. මෙවැනි නවීන ගෝලීය සන්නාමයන් සහ ප්රවණතාවන් මෙම ප්‍රදේශයේ ප්‍රජාවට හඳුන්වා දීම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇත.
මෙරට පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයේ විසඳුම් සහ සේවාවන් පිරිනමන DIMO CAREHUB දේශීය ආර්ථිකයේ අභිවෘද්ධිය වෙනුවෙන් DIMO දක්වන මනා කැපවීම පිළිබඳ කදිම නිදර්ශනයක් වේ.