Sinhala

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. වාර්තාගත 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කෙරේ

Summary

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’  කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 […]

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’  කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 5 ක, එනම් තත්ත්වය පිළිබඳ දක්වන සැලකිල්ල, කළමනාකරණ පැතිකඩ, ගතිකත්වය, ආයතනික සංස්කෘතිය සහ දැක්ම යන කාණ්ඩ වල පෙරමුණටම පැමිණීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමත් වී ඇත. මෙම ඇගයුම සඳහා LMD හි සංකල්පයක් අනුව නීල්සන් විසින් පවත්වන ලද ඡන්ද විමසීමකදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (1,125) ලබාගනිමින්, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරගැනීමට සමාගමට හැකියාව ලැබි‚ ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ දැක්ම අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් මොනවාද යන්න සහ, ඔවුන් එසේ සිතන්නේ කුමන හේතූන් නිසාද යන්න හඳුනාගත හැකි වන ආකාරයට මෙම ඡන්ද විමසීම සැලසුම් කර තිබූ අතර, ලැයිස්තුගත සමාගම් වල සාමාජික සාමාජිකාවන් අතරින් කළමනාකාර මට්ටම් සහ ඊට ඉහළ මට්ටම් වල සේවයේ නියුතු පුද්ගලයෝ 800 දෙනෙක් මේ සඳහා දායක වූහ.

2020 වසරේදී සිය 150 වන සංවත්සරය සමරන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය, 2005 වසරේදී LMD සඟරාව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ශ්‍රේණීගත කිරීම ආරම්භ කිරීමේ සිට මේ දක්වා වසර 15ක් එම ලැයිස්තුවේ අංක 01 ස්ථානයේ රැඳී සිටීමට සමත් වී තිබේ. 2020 අගෝස්තු මාසයේ LMD කලාපය සඳහා සංවාදයකට එක්වෙමින් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසී ය. “අපගේ ප්‍රධානම ලක්ෂණය වන්නේ, අපගේ මූලික වටිනාකම් වන අව්‍යාජත්වය, දයාව, විශ්වාසනීයත්වය, නවෝත්පාදනය හා විශිෂ්ටත්වය යන ගුණාංග යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අප තුළ ඇති කැපවීමයි. අපගේ ශක්තිමත් ආයතනික පාලන ව්‍යුහය, වෘත්තීය කළමනාකරණය සහ තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් උපත ලබන්නේ මේ වටිනාකම් තුළිනුයි. එමෙන්ම අපගේ වසර 150 ක ප්‍රෞඪ ඉතිහාසය අපට සෑම විටම යහපත් දේ කිරීමටත්, අපගේ සාමාජිකයන් වෙනුවෙන් යහපත් රැකියා පරිසරයක් තහවුරු කිරීමටත්, ව්‍යාපාරික හවුල්කරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, ජනතාව සවිබල ගැන්වීමටත් අවශ්‍ය පන්නරය අපට ලබා දී තිඛෙනවා. අප ව්‍යාපාර සිදුකරන ආකාරය සහ ඒ ඔස්සේ රටේ උන්නතියට දක්වන දායකත්වය අගයමින් නැවත වරක් මෙසේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස ඇගයීමට ලක්වීමට හැකිවීම අපට මහත් සතුටක්”.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දියුනුවෙහි හා සංවර්ධනයෙහි හවුල්කරුවෙකු ලෙස සිය අභිමානවත් 150 වන වසර සමරනු ලබයි. 14,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 15 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *