Sinhala

වාසි රැසක් සමඟ සිංගර් Huawei සැණකෙළිය ඇරඹේ

Summary

සැප්තැම්බර් මාසය පුරා නවතම ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා අසමසම වට්ටම් රැසක් සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර […]

සැප්තැම්බර් මාසය පුරා නවතම ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා අසමසම වට්ටම් රැසක්

සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු වන ඕනෑම අයෙකුට සැප්තැම්බර් 30 දක්වා මෙම සුවිශේෂී මිල අඩු කිරීම් සහ දීමනා අත් විඳීමට අවස්ථාව හිමි වේ. 

7.5% ත්  20% ත් අතර ප්‍රමාණයේ විශාල වට්ටම් රැසක් මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයා වෙතට ලබා දේ. මෙහිදී නවතම Huawei ලැප්ටොප් සඳහා සියයට 20ක වට්ටම්, ටැබ් සහ midrange හෝ entry level  ස්මාර්ට් දුරකථන සඳහා සියයට 7.5 වට්ටම් ප්‍රමාණයක් හිමි වීම විශේෂත්වයකි. 

3.9-inch LTPS display සහ multi touch සහිත, 10th Gen Intel Core™ i7 ප්‍රොසෙසරය, 16GB RAM + 1TB storage සහ  NVIDIA® GeForce® MX250 ග්‍රැෆික්ස් සමඟින් එන නවතම Huawei MateBook X Pro,  13-inch IPS display සහ  multi touch සහිත Intel Core I5 version සමගින් එන 16GB RAM + 512GB SSD සහ GeForce® MX250 ග්‍රැෆික්ස් සහිත Huawei MateBook D 13,  13-inch IPS display, AMD Ryzen™ 5 3500U ප්‍රොසෙසරය, 16GB RAM + 512GB SSD සහ Radeon™ Vega 8 ග්‍රැෆික්ස් සහිත Huawei MateBook D 13 AMD, 15.6- inch IPS display, AMD Ryzen 5 3500U ප්‍රොසෙසර්, 8GB RAM + 256GB SSD + 1TB SSD සහ Radeon™ Vega 8 ග්‍රැෆික්ස් සහිත Huawei MateBook D 15 යන ලැප්ටොප් මාදිලි මෙම සුවිශේෂී වට්ටම් වලට යටත්ව මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ.

පරිශීලකයින්ගේ එදිනෙදා තාක්ෂණික කාර්යන් රැසක් පහසු කරන Huawei ටැබ් මාදිලි රැසක් සඳහාද සියයට 7.5ක අද්විතීය වට්ටම් ද සිංගර් Huawei සැණකෙළි හරහා හිමි වේ.  2K QHD Huawei Fullview display, Kirin 990 flagship චිප් සෙට්, Huawei M Pencil Stylus, Quad channels සහ Quad speakers සහිත MatePad X Pro සහ නවතම Huawei MatePad T5, Huawei MatePad T8 මෙම වට්ටම් හරහා මිලදී ගත හැකිය.

තවද  Huawei midrange සහ  entry level මාදිලියේ ස්මාර්ට් දුරකථන රැසක්  සඳහා සුවිශේෂී වට්ටම් සිංගර් Huawei සැණකෙළි හරහා හිමිවේ. Ultra Vision Leica Quad Camera සමඟින් 50x Super Sensing Zoom, Kirin 990 5G chipset සහ 40W wired සහ  wireless Huawei සුපර් චාර්ජ් සමඟින් එන Huawei P40 Pro සුවිශේෂී වට්ටම් වලට යටත්ව මිලදී ගැනීමට අවස්ථාව පරිශීලකයින්ට හිමි වේ.  48MP Quad AI camera setup, Kirin 810 AI chipset සහ  4200 mAh battery සහිත Huawei Nova 7i, 6.59-inch Fullview display සහිත Huawei Y9 (2019), 4GB RAM + 64GB ROM, 13MP Dual Camera සහ 4000mAh battery සහිත Huawei Y7 (2019), Triple camera setup, 4GB RAM +64GB ROM සහ  5000mAh battery සහිත  Huawei Y6P, 3GB RAM + 64GBROM සහිත Huawei Y6S, 5.71-inch Dewdrop display, 13MP Main camera, 5MP Selfie camera සහිත  Huawei Y5 (2019),   2GB RAM + 32GB ROM, 8MP HD Main camera සහිත Huawei Y5P මෙම වැඩසටහන හරහා අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

වසර ගණනාවක සිට සිය වටිනා පාරිභෝගිකයින්ගේ පහසුව හා තෘප්තිය පිණිස විවිධාකාරයේ ආකර්ෂණීය වට්ටම් සහ දීමනා ලබා දෙන  Huawei විසින් පිරිණමන මෙම විශේෂ වට්ටම් අත්දැකීමට සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙන  මෙන් සියලුම පාරිභෝගිකයින්ට Huawei ආරාධනා කර සිටි./

Leave a Reply

Your email address will not be published. Required fields are marked *