Sinhala

අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින්, වාහන ක්ෂේත්‍රයට ප්‍රථම වරට නොමිලේ රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි

Summary

අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම […]

අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

අයිඩියල් මෝටර්ස් ප්‍රධාන සේවා මධ්‍යස්ථානය රත්මලානේ පිහිටා ඇති අතර, මහින්ද්‍රා වාහන සඳහා පමණක් නඩත්තු හා අලුත්වැඩියා සේවාවන් එමගින් සිදු කෙරේ. එමෙන්ම දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන මගින් ඕනෑම සන්නාමයක වාහන නඩත්තුව හා අලුත්වැඩියා සේවාවන් සිදු කෙරේ.

“අපගේ ගනුදෙනුකරුවන්ට, ශ්‍රී ලංකාවේ රථවාහන වෙළඳපොළේ පළමු වතාවට නොමිලේ පිරි නැමෙන හදිසි අනතුරු රක්ෂණාවරණයක් මෙලෙස ලබා දීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. අයිඩියල් සමූහ ව්‍යාපාරය නිරතුරුවම කටයුතු කරන්නේ, අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන් හට නව්‍යතම විසඳුම් හඳුන්වාදීමටයි. ඒ වගේම, මෙම රක්ෂණාවරණය සෑම සන්නාමයකම වාහන හිමිකරුවන් වෙත පිරිනැමීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. මෙම රක්ෂණාවරණය පිරි නැමීම සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් රක්ෂණ සමාගමක් වන ඇලියෝන්ස් ඉන්ෂුවරන්ස් ලංකා පුද්ගලික සමාගම අප හා අත්වැල් බැඳගෙන සිටීම අපට සතුටක්” අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් වෙල්ගම මහතා සඳහන් කරයි.

මෙම රක්ෂණාවරණය මගින්, අයිඩියල් මෝටර්ස් හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානයක සිදු කෙරෙන, රු. 4000 කට වැඩි ඕනෑම අලුත්වැඩියා හා නඩත්තු කටයුත්තක් සඳහා රු.400 000 ක පුද්ගලික හදිසි අනතුරු රක්ෂණාවරණයක් හිමිවේ. අනතුරක් හේතුවෙන් රක්ෂණ හිමියාට අත්වන හදිසි මරණයකදී, පූර්ණ හා සදාකාලික ආබාධිත තත්ත්වයකදී, එම පූර්ණ රක්ෂණ ප්‍රතිලාභය හිමි වේ. එමෙන්ම, වාහනයක හෝ යතුරු පැදියක ගමන් කරමින් සිටියදී සිදුවන අනතුරකදී, ප්‍රතිකාර ලබා ගන්නේ, රජයේ හෝ පෞද්ගලික රෝහලකද යන්න නොසලකා, රෝහල් ගාස්තු, ඖෂධ ගාස්තු පියවා ගැනීම සඳහා රු.40,000 දක්වා මුදලක් පිරිනැමේ.

දශක තුනකට අධික කාලයක් තිස්සේ දේශීය මෝටර් රථ වෙළෙඳපොළේ හා අලෙවියෙන් පසු සේවාවේ නවමු වෙනසක් කළ, අයිඩියල් හෝල්ඩින්ග්ස් සහ අයිඩියල් සමූහ ව්‍යාපාරය යනු ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය සමාගම් සමූහයකි. දහසකට අධික කාර්ය මණ්ඩලයකගේ පුහුණු ශක්තියෙන් යුතුව ක්‍රියාත්මක වන අයිඩියල් සමූහ ව්‍යාපාරය, වාහන එකලස් කිරීම ආනයනය හා බෙදා හැරීම මෙන්ම ඕනෑම සන්නාමයක වාහන අමතර කොටස් අලෙවිය මගින් හා වාහන සඳහා අලෙවියෙන් පසු සේවා සැපයීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව සිටී. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් එම සමාගම් සමූහය, වාර්ෂිකව රු. බිලියන 20 ක පිරි වැටුමක්ද උපයයි.

මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඉන්දීය දැවැන්තයා වන මහින්ද්‍රා ෆයිනෑන්ස් සමාගම, අත්වැල් බැඳගෙන සිටින අයිඩියල් ෆයිනෑන්ස් සමාගම ශ්‍රී ලාංකීය මූල්‍ය වෙළෙඳ පොළේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන සමාගමකි. එමගින් පිරි නමන මූල්‍ය සේවාවන් තවදුරටත් ඉහළ නංවමින්, මහින්ද්‍රා ෆයිනෑන්ස් සමාගම 2021 වසරේ හතර වැනි කාර්තුව දක්වා, රුපියල් බිලියන 2 ක ආයෝජනයක් සිදු කරමින් එහි කොටස් ප්‍රතිශතය 58.2% ක් දක්වා ඉහළ නංවා තිබේ. අයිඩියල් ෆයිනෑන්ස් සමාගම මගින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය හා දේපළ වෙළඳාම් සේවා විධිමත්ව හා විශ්වාසවන්ත අයුරින් සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම ළඟා කරමින්, ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට අයිඩියල් සමාගම් සමූහය අපේක්ෂා කරයි.

මහින්ද්‍රා වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධ බලයලත් එකම හිමිකාරිත්වය අයිඩියල් සමූහ ව්‍යාපාරය සතු වන අතර, 2019 වසරේ දී, රුපියල් බිලියන 3 ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් වැලිපැන්නේ පිහිටුවා  ගැණුනු ‘ශ්‍රී ලංකාවේ පළමු වාහන නිෂ්පාදනාගාරයේ’ වැඩි අයිතිය ද එම සමාගම සතු වේ. අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සහ ඉන්දීය වාහන දැවැන්තයා වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ හවුල්කාරීත්වයෙහි අග්‍ර ඵලයක් ලෙසින්, බිහි වුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ එම අති නවීන වාහන නිෂ්පාදනාගාරයෙහි කොටස්වලින්, 65% ක හිමිකාරත්වයක් අයිඩියල් සමූහ ව්‍යාපාරය සතු වෙයි. වසරකට වාහන පන්දහසක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති මෙම නිෂ්පාදනාගාරය මගින් දකුණු ආසියානු කලාපයට වාහන අපනයනය කරමින් ගෝලීය වාහන වෙළෙඳ පොළේ සිය මුද්‍රාව තැබීමටත් අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ  SUV වර්ගයේ මෝටර් රථයක් පළමු වරට වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් ඉකුත් වසරේ, KUV100 NXT රථය එමගින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට වාහන සම්බන්ධ හොඳම සේවාවක් සැපයීමේ දැක්ම අනුව කටයුතු කරන අයිඩියල් සමූහ ව්‍යාපාරය, දිවයින පුරා පිහිටි අයිඩියල් ප්‍රදර්ශනාගාර හා අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන 400කට අධික  මහින්ද්‍රා වාහන මෙන්ම සෑම සන්නාමයකම වාහන සඳහා අමතර කොටස්,නඩත්තු කටයුතු  හා අලුත්වැඩියා සේවාවන් සිදු කර දෙමින්, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් වෙළෙඳ පොළක් අත්පත් කරගෙන සිටී.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *