Sinhala

රථවාහන රක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Toyota Lanka සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවයක

Summary

නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 10 ට අඩු TOYOTA වාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී සම්පුර්ණ වන්දිය LOLC GI වෙතින් ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ […]

නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 10 ට අඩු TOYOTA වාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී සම්පුර්ණ වන්දිය LOLC GI වෙතින්

ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් නව සබඳතාවයකට එළඹී ඇත. මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයින්ට ඉතා කඩිනමින් හා පහසුවෙන් ඔවුන්ගේ රථවාහන ගැටළු විසඳා ගැනීම සඳහා පරිපූර්ණ රක්ෂණාවරණයක් ලබා දීමට TOYOTA සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්‍රියා කරයි.

මෙම සුවිශේෂී රක්ෂණාවරණය දියත් කරමින් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සිදු වූ අතර, එම අවස්ථාව සඳහා පාර්ශව ද්විත්වයම නියෝජනය කරමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය. 

නිෂ්පාදන වර්ෂයේ  සිට අවුරුදු 10 ට අඩු TOYOTA නවතම (Brand New) හෝ භාවිතා කල (Reconditioned) රථ වාහනයක් හිමි ඕනෑම පාරිභෝගිකයකු මෙම සුවිශේෂී රක්ෂණ දීමනා සඳහා සුදුසුකම් ලබයි. Toyota රථවාහන පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ සුවිශේෂී රක්ෂණාවරණයක් වන මේ හරහා, අසමසම ප‍්‍රතිලාභයන් රැසක් හිමි වේ. මේ හරහා Toyota ලංකා විසින් සිදුකරන රථවාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී වාහනයේ අයිතිකරු විසින් කිසිඳු දායකත්වයක් ගෙවිය යුතු නොවන අතර, එම සියලුම දායකත්වයන් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් රක්ෂණ හිමිකරුවන් වෙනුවෙන් සිදුකරනු ලබයි.  මීට අමතරව, රුපියල් 250,000ට වැඩි (ශ්‍රම ගාස්තු) රථවාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් සඳහා සුවිශේෂී ගාස්තු රහිත සේවාවන් ලෙස wheel alignment, wheel balancing, interior cleaning, polishing, head lamp adjusting සහ vehicle washing වැනි සේවා හිමි වේ. 

රථවාහන අනතුරු සඳහා වූ කඩිනම් සහ පහසු ක්‍රියාවලියක් සඳහා මෙම අද්විතීය රක්‍ෂණ විසඳුම ඉවහල් වන අතර, මේ හරහා පාරිභෝගිකයාට ඉතා සැහැල්ලුවෙන් සහ පහසුවෙන් සිය රථවාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකර ගත හැකි, 100% විශ්වාසනීය හා පරිපූර්ණ රක්ෂණාවරනයක වාසි අත්විඳිය හැකිය. 

මෙම නවතම රක්ෂණාවරණය පිළිබඳ අදහස් දක්වමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙලෙස පවසා සිටියි. “අප වටිනා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ කඩිනම් සේවාවක ඇති වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ඉතාමත් වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් එක්ව, මම සුවිශේෂී රක්ෂණාවරණය හඳුන්වා දීමට ලැබීම පිළිබඳ අප සතුටට පත් වනවා.  පාරිභෝගිකයාගේ සිතුම් පැතුම් නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සමාගමක් වශයෙන් අප කැපවී ක්‍රියා කරනවා.  තවද Toyota Lanka හි අප නිරතුරුවම ක්‍රියා කරනුයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව දේශීය පාරිභෝගිකයින්ටද ඉහළම සේවාවක් ලබා දීම කෙරෙහියි. මෙම ක්‍රියාවලිය තුල තවත් එක් වැදගත් සංධිස්ථානයක් පසු කරමින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හා එක්වීමට හැකිවීම ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මා හඳුන්වන්න කැමතියි.”  

මේ පිළිබඳ අදහස් දක්වමින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා මෙලෙස පවසා සිටියි.  ” පාරිභෝගිකන්ගේ මූල්‍ය තත්ත්වය, ආරක්ෂාව සහ සුව පහසුව පිළිබඳ දැඩි අවධානයකින් යුතුව, ඔවුන්ට හොඳම සේවාවක් ලබා දීම සඳහා  Toyota Lanka සමඟ එක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා. LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් පිරිනමන මෙම නවතම රක්ෂණාවරණය හරහා Toyota පාරිභෝගිකයින්ට ඔවුන්ගේ රථවාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කටයුතු ගැන දැන් කනස්සලෙන් පසුවීමට අවශ්‍ය වන්නේ නැහැ. Toyota වෙතින් පිරිනමන අමතර ප්‍රතිලාභද සමඟින්, මෙම රක්ෂණාවරණය හරහා ඉහළ විශ්වසනීය බවකින් යුත් සේවාවක් LOLC  ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් දැන් හිමි වනවා. LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් පිරිනමන මෙම ප්‍රතිලාභ භුක්ති විඳින මෙන් සියලුම Toyota පාරිභෝගිකයින්ට මා ආරාධනා කර සිටිනවා.”

අවම කාලයක් තුළ පාරිභෝගිකයාට උසස්ම සේවාවක් ලබා දීම සඳහා Toyota Lanka හි දක්ෂ හා පළපුරුදු සේවක මණ්ඩලය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින අතර, මෙම විශේෂිත, නම්‍යශීලි රක්ෂණාවරණය පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් Toyota Lanka- 0112 939 000 අමතා හෝ 011 500 80 80 – LOLC GI අමතා ලබා ගත හැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *