Sinhala

Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්

Summary

Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ  Nova 7SE සහ Nova 7i  සෑම මිලදී ගැනීමක් සදහාම  වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්, […]

Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ  Nova 7SE සහ Nova 7i  සෑම මිලදී ගැනීමක් සදහාම  වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්, FreeBuds සහ වෙනත් audio උපාංග සදහා විශේෂ ගෙවීමේ ක්‍රමද හදුන්වාදී ඇත.

Huawei Nova 7 SE  5G ස්මාර්ට් දුරකථනය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.   Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

Autofocus සහ Huawei AI image stabilization සඳහා Huawei NOVA 7SEහි rear camera සහය දක්වන අතර 960 fps slow motion 4K වීඩියෝ පටිගත කිරීමට ඒවා උපකාරී වේ. 16 MP (f/2.0 aperture) shooter සමගින් එන Nova 7 SE හරහා ඉහළ ගුණත්වයෙන් යුත් ස්වභාවික සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම පහසු කරයි.තවද රාත්‍රී කාලයේ වුවද ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරන BM3D denoising algorithm විශේෂාංගය මෙහිදී සුවිශේෂී වේ.  මේ හේතුවෙන්  මොබයිල් ෆොටෝග්‍රෆි සඳහා ප්‍රිය කරන, වීඩියෝග්‍රෆි සිදු කරන සියලුම දෙනා සඳහා Huawei NOVA 7SE කදිම  ස්මාර්ට් දුරකථනයක් වනවා නොඅනුමානයි. 

Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.  Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ. 

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.

අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙන Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.    තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Huawei Nova 7 SE රු.68,999/- මිළකට,  Huawei Nova 7i ස්මාර්ට් දුරකථනය රු. 52,999/- හා Huawei Y7A ස්මාර්ට් දුරකථනය රු 39,999/- මිට අමතරව විශේෂ ගෙවීමේ ක්‍රමයන් පවතී.

Huawei Nova 7SE රු. 1230 / – මාසිකව ගෙවිමටද, Huawei Nova 7i රු. 945 / – මාසිකව ගෙවිමටද, Huawei Y7a  රු. 713 / – මාසිකව ගෙවිමටද,, Huawei Watch GT2 Pro  රු. 1024 / -මාසිකව ගෙවිමටද,, Huawei Watch GT2e  රු. 624 / – මාසිකව ගෙවිමටද,FreeBuds Pro රු. 615 / – මාසිකව ගෙවිමටද, Huawei Watch Fit රු. 473 / – මාසිකව ගෙවිමටද හැකියාව ඇති අතර සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ. ඉහත වාරික සැලසුම් සඳහා කොන්දේසි අදාළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *