Sinhala

ඔබේ රථ වාහන සිහිනය සැබෑ කරගන්න CLC වෙතින් නම්‍යශීලි ලීසිං පහසුකම් රැසක්

Summary

කැමති වාහනේ මිස් වෙන්න කලින් අයිති කරගන්න –  අවම පොලී අනුපාත, අවම ලියකියවිලි,  එක්දින සේවය, නම්‍යශීලි ගෙවීම් ක්‍රම දැන් CLC වෙතින්  රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී.“මිස් කරගන්නැතුව ලීස් කරගන්න” යන […]

කැමති වාහනේ මිස් වෙන්න කලින් අයිති කරගන්න –  අවම පොලී අනුපාත, අවම ලියකියවිලිඑක්දින සේවය, නම්‍යශීලි ගෙවීම් ක්‍රම දැන් CLC වෙතින් 

රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී.මිස් කරගන්නැතුව ලීස් කරගන්නයන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික පරිහරණය සඳහා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයතු උදෙසා භාවිත කරන ලොරි රථ,ට්‍රක් රථ ආදිය සඳහාත් මෙම පහසුකම අත්විඳිය හැකිය. ළඟම පිහිටි කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ශාඛාවක් වෙත ගොස්, ආකර්ශනීය පොළී අනුපාත යටතේ, අවම ලියකියවිලි සමඟින් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව හිමිවේ.  තවද මේ හරහා ගනුදෙනුකරුවන්ගේ අදායම් මට්ටම් වලට ගැලපෙන වඩාත් නම්‍යශීලි ගෙවීම් ක්‍රම හිමි වන අතර,  ඉතාමත්  කඩිනමින් එක්දිනක් තුළදී මෙම පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. 

ඔබගේ සිහින වාහනය නෙතගැටුණු වහාම එම අවස්ථාව මඟ නොහැර  කඩිනමින්ම  ඔබේම කරගැනීමේ අවස්ථාව දැන් CLC ඔබට උදාකර දී ඇත.  දිගු පෝලිම් වල රැඳී සිටිමින් කාලයත් මුදලුත් නාස්ති කරමින් සිටි කාලය අවසන් වන අතර, විවිධ ලියකියවිලි රැසක් සොයමින් නිකරුනේ වෙහෙස විය යුතුද නැත. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව අවම ලියකිවිලි සකස් කරගත් විට පැය 24ක්  වැනි කෙටි කාලයක් ඇතුළත අවශ්‍ය ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසහටන හරහා පාරිභෝගිකයාට හිමිවේ. 

මෙම විශේෂ ලීසිං ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී  ප්‍රසන්න කරන්දගොල්ල මහතා මෙලෙස සිය අදහස් ප්‍රකාශ කරයි. “වසර ගණනාවක් පුරාවට ගනුදෙනුකරුවන්ගේ රථවාහන සිහින යථාර්තයක් බවට පත්කිරීමේ කාර්යයේ නිරත වූ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, ස්වකීය ගනුදෙනුකරුවන් හා දීර්ඝ කාලීන සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතරතුර, නිරන්තරයෙන් ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙවැනි කාලීන වැදගත්කමින් යුතු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. අලුත්  ජිවන රටවත් සමඟ පාරිභෝගික  අවශ්‍යතා සංකීර්ණත්වයට පත් වෙලා. එම නිසා අද වන විට රථ වාහන ද,  අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වී හමාර යි.CLC වෙතින් ”මිස් කරගන්නැතුව ලීස් කරගන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහන   අවශ්‍යතාව සපුරා ගැනීමට පාරිභෝගිකයන්ට  ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා .මෙම ලිසිං පහසුකම ලබා ගැනීමෙන් එකවර වාහනයට මුදල් ආයෝජනය කරන්න අවශ්‍යය වන්නේ නෑ .එම නිසා ඔබ අතැති මුදල්  වෙනත්  ආර්ථික කටයුත්තකට යොදවන්න පුළුවන් වීම ඔබට ඉතා පහසුවක් වෙනවා. අද වන විට CLC ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර ප්‍රියතම මූල්‍ය විසඳුම් සම්පාදකයා බවට පත්වී  ඇති අතර, එය වසර ගණනවක  අඛණ්ඩ පාරිභෝගික විස්වාසයේ ප්‍රතිඵලයක් ලෙස මා හැඳින්වීමට කැමතියි.  අපගේ සියලුම සේවාවන් ගනුදෙනුකරු මූලික කරගත් සේවා වන අතර, ලීසිං ආශ්‍රිත සේවාවන් අපගේ මූලිකම සේවාවක්. පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා පිළිබඳ දැඩි සැළකිලිමත් බවකින් හොඳම ලීසිං විසඳුම් සම්පාදනය කිරීමට CLC ඉදිරියටත් ක්‍රියා කරනවා.”

මෙම ලීසිං පහසුකම් පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් 011 5 526 526 අමතා ලබා ගත හැකිය. 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මුල්‍ය සමාගම වන CLC, ලීසිං , ණය සේවා,  ඉතුරුම් (සාමාන්‍ය සහ ස්ථාවර), ක්ෂුද්‍ර මූල්‍ය, ඉස්ලාමීය මූල්‍ය, රන් ණය සහ ෆැක්ටරින් ඇතුළු සේවාවන් රැසක් පාරිභෝගිකයාට ඉදිරිපත්  කරයි.   වර්ධනය වන  පාරිභෝගික  අවශ්‍යතා සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා CLC දීප ව්‍යාප්ත ශාඛා 68ක්ද ස්ථාපනය කර ඇත. 

දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින්  ICRA Lanka මඟින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) හි ණය ශ්‍රේණිගත කිරීම  (SL) A ස්ථාවර දර්ශකයක් ලෙසට ඉහළ නංවා තිබීම සමාගමේ මූල්‍ය ශක්තිය පෙන්නුම් කිරීමට කදිම සාක්ෂියකි. තවද LMD විශිෂ්ඨ සන්නාම 50 තුළ ඉහළ ස්ථානයක් හිමි කරගත් CLC,  ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ  ක්ෂුද්‍ර ඉතිරිකිරීම් (Micro savings) සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලබා ගත් ප්‍රථම මූල්‍ය සමාගම බවටද පත් විය.    

CLC සමාගම මූල්‍ය අංශයේ ඉහළම ප්‍රගතියක් අත්පත් කරගත් සමාගමක් ලෙස හැඳින්විය හැකි අතර,  දිනෙන් දින වෙනස්වන ව්‍යාපාර ලෝකයට සාර්ථක ලෙස විසඳුම් ඉදිරිපත් කරමින් CLC සමාගම ඉදිරියටත් කටයුතු කරනු ඇති. 2019/20 වර්ෂ සඳහා LMD විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කරන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම  සන්නාමයන් 50 අතරට CLC ඇතුළත් වීම පාරිභෝගිකයින් ව්‍යාපාර සන්නාමය උදෙසා ඇති දැඩි කැමැත්ත පෙන්නුම් කිරීමට කදිම සාක්ෂියකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *