Sinhala

ASUS සමාගම ZenBook 14 (UX435EG) නවතම Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Summary

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී  සුව පහසුවෙන් […]

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය.

ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී  සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි ආයු කාලයක් ලබා දෙන අතර එමඟින් පරිශීලකයාට දැනට පවතින කාර්යයන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට නිදහස ලැබේ. මෙම මාදිලියේ විප්ලවීය ASUS ScreenPad අඟල් 5.65 color touchscreen තිරයකින් සමන්විත වන අතර එය නිර්මාණශීලිත්වය සහ එදිනෙදා කටයුතු වල ඵලදායිතාව වැඩි කරයි. එහි නවීකරණය කරන ලද ScreenXpert 2.0 interface මඟින් තිර සහ පුද්ගලීකරණය කළ බහු කාර්ය සැකසුම් සඳහා ඉඩ සලසන වඩාත් අවබෝධාත්මක interface එකක් නිර්මාණය කරයි.

ASUS apps භාවිත කිරීම සඳහා ScreenXpert 2.0 නිරායාසයෙන්ම ක්ෂණික ප්‍රවේශය ලබා දෙයි. වීදුරු වලින් ආවරණය වූ නිරවද්‍යතා ස්පර්ශක යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරන ScreenPad මගින් දුරකථන ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති අතර  intelligent palm rejection සහ  four-finger smart-gesture ලෙසද ක්‍රියා කරයි.

ZenBook 14 බල ගැන්වෙන්නේ 11th Generation Intel Core i7 processorරයකින්  වන අතර එය Intel® Iris® Xe integrated graphics (UX435EA) or an NVIDIA® GeForce® MX450 discrete GPU (UX435EG)  තෝරාගෙන ඇත. එහිදී බහු කාර්යය ක්‍රියාකාරිත්වය සඳහා හෝ විනෝදාස්වාදය සඳහා විශේෂ ආයාසයකින් තොරව වැඩි දියුණු කළ කාර්ය සාධනයක් ලබා දෙයි. නව ලැප්ටොප් පරිගණකයේ ultrafast storage 1 TB PCIe® 3.0 x4 SSD, හෝ PCIe SSD 32 GB Intel Optane ™ Memory H10 සමඟ වේගවත් කර ඇති අතර ඕනෑම කාර්යයක් පහසු කරවන සුපිරි පරිපුර්ණ ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි.

connectivity අතින් ගත් කල, ZenBook 14 අතිශය වැදගත්ය. අධිවේගී රැහැන් රහිත සම්බන්ධතා සඳහා gigabit-class WiFi 6  සමඟින්පුළුල් පරාසයක  I/O ports වලින් සමන්විතය. එසේම මෙය උපාංගයෙන් 92%ක් තරම් වූ frameless four-sided NanoEdge wide-view display සහිතය. නිරවද්‍යතාවයෙන් යුත් ErgoLift මගින් ප්‍රශස්ත යතුරුලියනය කිරීමේ හැකියාවක් ලබා දෙන අතර ප්‍රශස්ත සිසිලනය සහ වැඩි දියුණු කළ ශ්‍රව්‍ය ගුණාත්මකභාවය සඳහා පහසුකම් සපයයි.

ZenBook 14 සුන්දර හා අලංකාර වර්ණ තේරීම් දෙකකින් ලබා ගත හැකිය. එහිදී Pine Grey දීප්තිමත් සන්සුන්භාවයක් සහ සාමය ඇති කරන අතර වෘත්තීයමයභාවය ප්‍රක්ෂේපණය කරයි. එසේම Lilac Mist ඉහළ මට්ටමේ සුඛෝපභෝගී පෙනුමක් ලබා දෙයි. දැන් ඔබට මෙම අලංකාර සහ නවීන ZenBook 14 දිවයිනපුරා අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *