Sinhala

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි

Summary

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. […]

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි.

2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරය සමඟ සෙල්ලකතරගම දේවාලයත් ආලෝකමත් කළේ මෙම වසරේ තුන්වන වරටය. ස්වදේශී විසින් 20 වන වරට  පවත්වනු ලබන මෙම ආලෝක පූජාව ජුලි මස 10 වැනිදා ආරම්භ කරන ලද  අතර ජුලි මස 23වන දා දක්වා සිදු කරයි.

ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතු කමක් බව ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයන බව ඇය තවදුරටත් පවසා සිටියාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.

බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහිවනු වස් මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ. ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවන් ආරක්ෂා කර ගනු වස් තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවියන් වන්දනාමාන කරනු ලබයි.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ  ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ  දේවාලය, මහනුවර ශ්‍රී විශ්නු මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

දශක 8ක විශ්වාසය දිනූ දේශීය කර්මාන්තායතනයක්  ලෙස, ස්වදේශී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩනැංවීමේ වැඩසටහන් වෙත සිය  අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය සහ ස්වදේශී කොහොඹ බේබි ‘හොද පුරුදු’ පොත හරහා ඉක්මනින් වියැකී යන යහපත් වටිනාකම්   ඉස්මතු කරමින් පාසල් දරුවන් දැනුවත් කිරීම අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කළ නිෂ්පාදන වේ.   ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම,‍ ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

එසේම සමාගම විසින් ඉහළ මට්ටමේ ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි

ඡායාරූප විස්තරය

ස්වදේශී සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන, නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ, කිරි වෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිශාන් ගුණසේකර, සෙල්ල කතරගම මහසෙන් රජ මහා විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය පදවුගම ජිනානන්ද හිමි ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *