Sinhala

සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය

Summary

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය […]

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්, ක්‍රීම්, කොලොන්, ඔයිල් සහ ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර් ඇතුලු ළදරුවන් සඳහා අත්‍යවශ්‍ය නිෂ්පාදන රැසක් අන්තර්ගත වේ. මෙහි පළමු වටයේ භාණ්ඩ මෙම දරුවන්ගේ ආදරණීය පියා වන උදයංග මරවනාගොඩ වෙත පසුගියදා ප්‍රධානය කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ දරුවන්ගේ පියා වන උදයංග මරවනාගොඩ, ඔහුට මෙම අවස්ථාවේ ඇති සතුට විස්තර කරමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. “මගේ සහ දිලිනිගේ ජීවිතයට මෙය අපූර්ව අත්දැකීමක් කියල මම මුලින්ම කියන්න ඕනේ. දරුවන් සය දෙනෙකුගේ දෙමව්පියන් වීම ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් වගේම මේක ලොකු වගකීමක්. සෑම මවකටම වගේම දිලිනිටත්, ඇයගේ ගර්භණී සමයේදී මෙන්ම දරු ප්‍රසුතියෙන් පසු ශාරීරික අපහසුතා රැසකට මුහුණ දෙන්න සිදුවුණා. මෙම සියලුම අපහසුතා සහ අභියෝග සඳහා මමත් දිලිනිත් එකට එක්ව මුහුණ දුන්නා. සෑම අවස්ථාවකම දිලිනිට අවශ්‍ය සුවපහසු පරිසරය ගොඩ නංවා ගන්න හැකි සෑම අයුරකින්ම මම ඇයට උදව් කරා වගේම, ඇයත් සමඟ වැඩි කාලයක් ගත කරා. අපි දෙදෙනාම එකට එක්ව අපගේ දරුවන් රැකබලා ගන්නවා. ඇත්තටම අපේ දරුවන් වෙනුවෙන් බේබි ෂෙරමි සෙනෙහසින් ලබාදෙන මෙම සහයෝගයන් මම බෙහෙවින් අගය කර සිටිනවා.”

මෙම අවස්ථාවට සහභාගී වූ, බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී දනුෂ්කා සිල්වා මහත්මිය මෙලෙස සිය අදහස් ප්‍රකාශ කලාය. “පසුගියදා මෙම සයදරු උපතේ පුවත ආරංචි වීමත් සමඟ ඔවුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සහයෝගයක් ලබා දීමට මා ඇතුලු මගේ කණ්ඩායම් තීරණය කලා. ශ්‍රී ලංකාවේ වඩාත් ආදරයට ලක්වූ ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි හට මෙම ආදරණීය ගමනේ හවුල්කරුවන් වීම ගැන තියෙන්නේ විශාල සතුටක්. විශේෂයෙන්ම, දශක හයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන් අතර විශ්වාසනීය සන්නාමය වූ බේබි ෂෙරමි විසින්, දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම සමාජයට පෙන්වා දෙමින් සිටිනවා. මෙහිදී උදයංග සිය ආදරණිය බිරිඳ වෙනුවෙන් දක්වන මෙම සහයෝගය අප ඉහළින් අගය කර සිටිනවා. තවද, මෙම අවස්ථාවේදී මම ස්තූතී කරන්න කැමතියි, ජාතික මුල් ළමාවිය සංවර්ධන සහ රැකවරණ අංශයේ සියලුම නිලධාරීන් හට, අප හා එක්ව මෙම කර්තව්‍ය සාර්ථකව සිදුකර ගැනීමට දැක්වූ දායකත්වය හේතුවෙන්. අවසාන වශයෙන් දරුවන්ට හොඳම දේ දායාද කිරීමට කැපවෙන මෙම දෙමව්පියන් හා අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට සතුටක්”.

විශේෂයෙන්ම දරුවාගේ මොළය විශාල වශයෙන් වර්ධනය වන සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වන මානසික සහ ශාරීරික වෙනස්කම් රැසක් සිදුවන පළමු වසර තුනක කාලය තුළ දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා මෙන්ම, දරුවා රැකබලා ගැනීමේ කාර්යය සඳහා මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි කියන සංකල්පය දෙමව්පියන් තුළට ගෙනයාමට බේබි ෂෙරමි කැපවී සිටියි. මේ අනුව “සමසහභාගි දෙමාපියත්වය” යන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි ක්‍රියාත්මක කරමින් සිටියි. තවද, දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය, ගර්භණී සත්කාර ඇතුලු දෙමව්පියන්ට වැදගත් වන විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳවම දැනුම වර්ධනය කිරීම උදෙසා බේබි ෂෙරමි, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ සහයෝගය ඇතුව “දරු පැටියාගේ ලෝකය” ඇතුලු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි.

බේබි සබන්, ෂැම්පු, බේබි ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි.  තවද, බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට  හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර,   IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.  ශ්‍රී  ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ,  ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය.  සියලුම බේබි ෂෙරමි නිෂ්පාදන www.hemasestore.com හරහා පහසුවෙන්ම මිලදී ගත හැකිය. 

ඡායාරූප විස්තරය

වමේ සිට- චෙවින් මණ්ඩාවල (බේබි ෂෙරමි සහකාර සන්නාම කළමනාකරු), ජානකි කරුණාරත්න (ආයතනික සම්බන්ධතා ප්‍රධානී- හේමාස් කන්සියුමර්), දනුෂ්කා සිල්වා (බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිණී) උදයංග මරවනාගොඩ (සය නිවුන් දරුවන්ගේ පියාණන්), පුෂ්පා වල්පිට (ECCD දිස්ත්‍රික් නිලධාරීණී)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *