Sinhala

කාර්යබහුල දිවිය කාර්යක්ෂම කරන Huawei තාක්ෂණික උපාංග පෙල

Summary

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ  ප්‍රමුඛයින් වන Huawei විසින්  කලින් කලට වෙළද පොළ වෙත අද්විතීය විශේෂාංග වලින් සමන්විත ස්මාර්ට් දුරකතනයන්, ටැබ්ලට් සහ විවිධ තාක්ෂණික උපාංගයන් හඳුන්වා දේ. එලෙස මෙම වසරේ මුල් කාර්තුවේදී දේශීය වෙළද පොළට හඳුන්වා දුන් විශිෂ්ඨ උපාංග ත්‍රිත්වයක් වන Huawei […]

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ  ප්‍රමුඛයින් වන Huawei විසින්  කලින් කලට වෙළද පොළ වෙත අද්විතීය විශේෂාංග වලින් සමන්විත ස්මාර්ට් දුරකතනයන්, ටැබ්ලට් සහ විවිධ තාක්ෂණික උපාංගයන් හඳුන්වා දේ. එලෙස මෙම වසරේ මුල් කාර්තුවේදී දේශීය වෙළද පොළට හඳුන්වා දුන් විශිෂ්ඨ උපාංග ත්‍රිත්වයක් වන Huawei Media Pad T5, Huawei Nova 7i සහ  Huawei Free buds 3 හරහා තාක්ෂණික කාර්යන් රැසක් ඉටු කර ගැනීම උදෙසා එකි නෙකා හා සම්බන්ධ වීම ඉතා පහසු කර ඇත.

දේශීය වෙළද පොළට හඳුන්වා දී ඉතා කෙටි කාල සීමාවක් තුළ පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ මෙම උපාංගයන් පරිශීලකයින්ට විනෝදාස්වාදය සමගින් වෘත්තීය ජිවිතයේ කාර්යන් රැසක් කිසිඳු බාධාවකින් හෝ ගැටලුවකින් තොරව කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව සලසයි.

1920 X 1200 resolution සහිත අඟල් 10.1 ක විශාල තිරයකින් සහ ග්‍රෑම් 460 ක් පමණ වූ සැහැල්ලු නිමාවකින් යුතුව නිපදවන ලද MediaPad T5, Huawei සමාගමේ අද්විතීය නිපැයුමක් ලෙස හැඳින්විය හැකි අතර එහි වූ ඉහල කාර්ය සාධනය හේතුවෙන් ව්‍යපාරික ගමන් බිමන් සඳහා ලැප්ටොප් රැගෙන යාම තව දුරටත් අවශ්‍ය නොවේ. Huawei MediaPad T5 හි portrait හෝ landscape කල හැකි සුවිශේෂී පුළුල් තිරය කුඩා ලැප්ටොප් පරිගණකයේ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන අතර වඩාත් නම්‍යශීලි අන්දමින් presentations ඇතුළු වෘත්තීය කාර්යන් ඉතා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව හිමි කර දේ. ඉතාමත් වේගයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට Huawei MediaPad T5, 4G තාක්ෂණය හා ඒකාබද්ධ කොට ඇති අතර පරිශීලකයාට තව දුරටත් අන්තර්ජාල කටයුතු සඳහා Wi-Fi සොයා යෑම සිදු කල යුතු නැත. 

Tablet පරිශීලකයින් වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකට පිළියමක් සපයමින් Huawei MediaPad T5 සඳහා 3GB RAM සහ  32GB ROM ඇතුළත් කරඇති අතර octa-core processor මඟින් අවම බල පරිභෝජනයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් වෘත්තිකයින්ට ලබා දේ.  කාර්ය බහුල ජීවන රටාවට හුරුවී සිටින සියලු දෙනාට ඉතා වැදගත් වන බැටරි ධාරිතාවය පිළිබඳ ගැටලුවට කාර්යක්ෂම විසඳුමක් සපයමින් මිලි ඇම්පියර්  5100 ක බැට්‍රියක් MediaPad T5 තුළට අන්තර්ගත කර ඇත. තවද  ආකර්ෂණීය  නිමාවක් සමඟින් එන MediaPad T5 වෘත්තිකයින්ට පුළුල් කියවීමේ සහ නැරඹීමේ අත්දැකීමක් නිසැකයෙන්ම  ලබා දෙනු ඇත. කිසිඳු අපහසුතාවයකින් තොරව වැඩි වෙලාවක් තිරය දෙස බලා සිටීමේ හැකියාව Huawei MediaPad T5හි Eye Comfort Mode මඟින් ලබා දී ඇති අතර, මේ හරහා ඕනෑ තරම් වෙලාවක් පරිශීලකයාට අවශ්‍ය පරිදි කියවීම, රූපරාමු නැරඹීම හෝ ක්‍රීඩා වල නිරතවීම යනාදිය සිදු කල හැකිය.

වෘත්තිමය කටයුතු වල නිරත වන්නන්ට අමතරව  MediaPad T5හි ඇතුළත් Children’s Corner මඟින් කුඩා ළමුන්ට අවශ්‍ය ඉගෙනුම් සහය ලබා දීම සඳහා විවිධ apps හඳුන්වා දී ඇති අතර දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සීමා කිරීමේ පහසුවද දෙමව්පියන්ට හිමි වනු ඇත. මේ හේතුවෙන් MediaPad T5 අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කල හැකි තාක්ෂණික උපාංගයක් ද වනු ඇත.  මීට අමතරව මෙම උපාංගය තුල වූ ස්පීකර් ද්විත්වය නිසා ලොකු කුඩා සියලුම පරිශීලකයින්ට විශිෂ්ඨ විනෝදාස්වාද අත්දැකීමක් ළඟා කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති. 

මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් නවතම Huawei Nova 7i වර්තමානය වන විට ස්මාර්ට් දුරකථන අතර ප්‍රමුඛයා යැයි කිව හැක. Huawei Nova 7i  සහ Huawei MediaPad T5 සමගින් වෘත්තීය ජීවිතය සහ එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු අතර සමතුලිත තාවයක් පවත්වාගෙන යෑමේ සුවිශේෂී අවස්ථාව පරිශීලකයාට හිමි වේ. මෙහිදී විශේෂයෙන්ම Huawei Nova 7i සතු ‘Huawei share’ විශේෂාංගය තුලින් ස්මාර්ට් දුරකතනයේ තිරය MediaPad T5 තුලින් නැරඹිය හැකි අතර, ඒ හරහා MediaPad T5 එක මඟින් දුරකතනයේ කාර්යන් මෙහෙයවීම හැකියාව හිමි වේ.  තවද මෙහිදී විශේෂයෙන්ම මතක් කල යුතු දෙය නම් ඉතාමත් කඩිනමින් ස්මාර්ට් දුරකතනයේ ඇති ගොනුවක් හෝ දත්තයන් MediaPad T5 වෙතත්, එහි වූ ඕනෑම දත්තයක් Huawei Nova 7i  වෙත හුවමාරු කිරීමේ හැකියාවයි. මේ හේතුවෙන් විශේෂයෙන්ම වෘත්තිකයින්  දත්ත හුවමාරු කිරීම සඳහා වැය කරන කාලය විශාල වශයෙන් අවම වනු ඇත. 

ලොව ප්‍රථම open-fit active noise-cancellation සහිත Bluetooth Wireless Headset එක Freebuds 3 හි සැහැල්ලු සහ පහසු නිමාව හේතුවෙන් වෘත්තිකයින් අතර ජනප්‍රිය උපාංගයක් වී හමාරය.  Freebuds 3 හි Smart Wireless Charging පහසුකම සහ පැය 20කට අධික කාලයක් නොනවත්වා ඇමතුම් සහ සංගීතයට සවන්දීමේ හැකියාව සහිත බැටරි ආයු කාලය සුවිශේෂී වන අතර එහි වම් පස earbud එක tap කිරීම හරහා සුවිශේෂී intelligent active noise-cancellation පහසුකම ක්‍රියාත්මක කල හැක. තවද මෙහි ඇමතුම් ලබා ගැනීම පහසු කරන Bone Voice ID පහසුකම බාහිර ශබ්ද හමුවේ පරිශීලකයාගේ ශබ්දය ඉතා පැහැදිළිව ඇසීමට අවශ්‍ය පහසුකම් සලසයි. දුරකතන ඇමතුම් ඉතා පහසුවෙන් සහ පැහැදිළි ලෙස ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ විශේෂාංග රැසක් සමඟින් එන Huawei Free Buds 3 අනිවාර්යෙන්ම වෘතිකයින්ගේ කාර්යන් පහසු කරනු ඇත. 

මෙම අද්විතීය පහසුකම් රැසකින් සමන්විත සියලුම නිෂ්පාදනයන් Huawei experience shops, Singer outlets සහ  Daraz.lk හරහා මිලදී ගැනීමේ හැකියාව පවතී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *