Sinhala

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ලක්ෂපතියන් 20 දෙනෙකු වෙත මුදල් තෑගි පිරිනැමෙයි

Summary

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි.   Honda  යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ. […]

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි.   Honda  යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ.

පසුගිය ජනවාරි 17 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා (සෙනසුරාදා සහ ඉරිදා ඇතුළුව)  දිවයින පුරා පිහිටි අලෙවිසැල් වලින් Honda යතුරු පැදි මිලදී ගත් ජයග්‍රාහකයින් අතරන් දිනපතා  කුසපත් ඇදීමෙන් තෝරා ගත් ජයග්‍රාහකයින් 20  දෙනෙකු වෙත මෙලෙස ත්‍යාග පිරිනැමිණ.

සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි කාලිංග කළුපෙරුම ,  ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ අධ්‍යක්ෂ චාරක පෙරේරා , සාමාන්‍යාධිකාරි(අමතර කොටස්)  දමිත ජයසුන්දර, ජ්‍යෙෂ්ට කළමණාකරු (යතුරු පැදි සේවා සහ ක්ෂේත්‍ර පුහුණු) සම්පත් වාසලමුදලි, ආදි මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම ත්‍යාග පිරිනමමින් අදහස් දැක්වූ සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ අධ්‍යක්ෂ චාරක පෙරේරා මහතා සඳහන් කළේ  සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම සහ පාරිභෝගිකයින් අතර වසර ගණනාවක් තිස්සේ ගොඩනැගී ඇති විශ්වාසය මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් මඟින් තවදුරටත් තහවුරු වන බවයි. 

මෙලෙස රුපියල් ලක්ෂය බැගින් දිනාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් අතුරින් එක් ජයග්‍රාහිකාවක වන එස්. කුමාරි මහත්මිය සඳහන් කළේ “තමන් ජයග්‍රහණය කර ඇති බව දැනගැනීමෙන් පසු මහත් පුදුමයට පත්වූ බවයි. තමන්  අසීරු වෛද්‍ය සැත්කමකට ද මුහුණ දුන් බව කියා සිටි ඇය පෙන්වා දුන්නේ  අත්‍යවශ්‍යම  අවස්ථාවක මෙම ජයග්‍රහණය හිමිවීම පිළිබඳව තමන් අතිශය සතුටට පත්වන බවයි.  තමන් යතුරු පැදියක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සිය පියාට පැවසූ විට ඔහු හොන්ඩා මෝටර් සයිකලයක්ම මිලදී ගන්නා ලෙස තමන්ට උපදෙස් දුන් බව ඇය කියා සිටියාය.

පුදුකුඩිඉරිප්පු හි පදිංචි එස්. සුපෝතිනි මෙම දවසේ ලක්ෂපති වැඩසටහනේ තවත් ජයග්‍රාහිකාවක වූ අතර ඇය කොළඹ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවය ට සහභාගි වීමට නොහැකි විය. මේ නිසා ඇයට හිමි ත්‍යාග මුදල නිවසටම ගෙනගොස් දීමට සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම කටයුතු යොදා තිබිණ. මෙම ත්‍යාගය තමන්ට හිමිවීම පිළිබඳව සිය සතුට පළ කර ඇති ඇය සඳහන් කර ඇත්තේ තමා දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයයේ ගමන් බිමන් පහසු කර ගැනීම  සඳහා හොන්ඩා ඩියෝ ස්කූටරයක්  මිලදී ගැනීමට කටයුතු කළ බවයි. ඒ් සඳහා වැය කළ මූලික ගෙවීම නැවත තමන් අතටම පත්වීම මහත් ආශ්චර්යයක් බව  ඇය සඳහන් කර තිබේ.

Honda දවසේ ලක්ෂපති  වැඩසටහන 2020  ජනවාරි 16 වනදා සිට 2020 මාර්තු 30 වනදා දක්වා ක්‍රියාත්මක අතර ඒ් යටතේ ඒම කාල සීමාව තුළ දිනපතා හොන්ඩා යතුරු පැදි මිලට ගන්නා පාරිභෝගිකයින් ට යතුරු පැදිය මිලදී ගැනීමේදී ලැබෙන කූපන්පත පුරවා  0117 672 735 හෝ  0117 634 735 යන අංක වලට ෆැක්ස් කිරීමෙන් හෝ  ඒම කූපන්පතෙහි පැහැදිලි ඡායාරූපයක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කිරීමෙන් මෙම තරඟය සඳහා සහභාගි විය හැකිය. එලෙස දිනපතා ලැබෙන කූපන්පත් අතරින්  කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයින් වෙත රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීම මෙහිදී සිදුකෙරේ. මේ අනුව මෙහිදී දින 50ක් තුළ ලක්ෂපතියන් 50 දෙනෙකු බිහිකිරීමට අපේක්ෂිතය.  මෙම දිනපතා දිනුම් ඇදීම් Honda Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙන් සජීවීව විසුරුවා හැරෙන අතර දිනපතා ජයග්‍රාහහකයින් ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රකාශයට පත්කෙරේ. එමෙන්ම සති අන්ත පුවත්පත්වල ඒම සතියේ ජයග්‍රාහකයින්ගේ නම් පළ කෙරෙනු ඇත.

වසර 1977 සිට  දශක 4කට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත් සමාගමක් ලෙස   සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම  හැදින්විය හැකිය. ගතවූ කාලය තුළ මිලියන ගණනක ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ දී ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකිරීමට සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම කටයුතු කර ඇති අතර වර්තමානය වනවිට මෙරට පාරිභෝගිකයා අතර අතිශය ජනප්‍රිය යතුරු පැදි රැසක් ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරයි. ඒ අතර මෙරට ඉහළම අලෙවියක් ඇති CB Hornet, CB160X, CB Shine සහ  CD Dream මෙන්ම   Grazia, Activa-Iසහ  Dio, ආදී ස්කූටර් පෙළක්ද වෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *