Sinhala

ECRAFTT විසින් සමාජ හා තාක්‍ෂණික නවෝත්පාදන හරහා දේශීය අත්කම් කර්මාන්තයට අත්වැල් සපයයි

Summary

ග්‍රාමීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ හදවතෙහි රැදී නාමයක් වන Ecraftt විසින් ඔවුන්ට වරෙක සිහිනයක්ව පැවති දෙයක්  දැන් යථාර්තයක් බවට පත් කර ඇත. සම්ප්‍රදාය, නවීන තාක්‍ෂණය සමඟ සම්බන්ධ කරමින් දේශීය සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ නවීන සංකල්ප තුලින් ලොවට ගෙන යාමේ මෙහෙවරක Ecraftt යෙදී […]

ග්‍රාමීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ හදවතෙහි රැදී නාමයක් වන Ecraftt විසින් ඔවුන්ට වරෙක සිහිනයක්ව පැවති දෙයක්  දැන් යථාර්තයක් බවට පත් කර ඇත. සම්ප්‍රදාය, නවීන තාක්‍ෂණය සමඟ සම්බන්ධ කරමින් දේශීය සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ නවීන සංකල්ප තුලින් ලොවට ගෙන යාමේ මෙහෙවරක Ecraftt යෙදී සිටී.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ නිර්මාණ අධ්‍යයනාංශයේ සිසුන් හට අත්කම් කර්මාන්තයේ නියැලෙන දුරස්ථ ගම්මාන වලට ගොස් කාලය ගත කිරීමට අවස්ථාව ලබා දුන් ව්‍යාපෘතියකින් ඇරඹුණු මෙය, අද වන විට මුළු අත්කම් නිර්මාණ කර්මාන්තයටම නැවුම් බලාපොරොත්තුවක් ලබා දී ඇත. මෙම ගම්මානවලට අවශ්‍ය දේ නිසිලෙස ලබා දීම අරමුණු කරගත් සිසුන් කිහිපදෙනෙකු විසින් ආරම්භ කරන ලද  Ecraftt, Ceylon Craft Lab (PVT) Ltd මගින් මෙහෙයවන අන්තර්ජාල වේදිකාවකි. එයට අවශ්‍ය තාක්‍ෂණික සහ මුල්‍යමය සහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් මෙහෙයවනු ලබන HackaDev වැඩසටහන මගින් ලබා දේ. HackaDev යනු පවතින තරගකාරීත්වය හමුවේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට සිය නවෝත්පාදනයන් සමග තිරසාර අන්දමින් ඉදිරියට යාමට අවස්ථාව සලසා දෙන වැඩසටහනකි.

The HackaDev Enterprise Support Programme (HESP) මගින් HackaDev ආදි ශිෂ්‍ය ජාලයේ, කොවිඩ් වසංගතය හමුවේ අසීරුතාවයට පත් ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීම සහ ඔවුන්ව දිරිගැන්වීම සිදු කරනු ලබයි. 2020/21 කාලය තුල දියත්කරන ලද පළමු අදියර තුලදී ව්‍යවසායන් 15ක් සඳහා මාස 6ක් පුරාවට ඔවුන්ට අවශ්‍ය දැනුම සහ සංවර්ධනය ලබා දෙන ලදී. මෙම ක්‍රියාවලියට අවශ්‍ය මූලික අරමුදල් සහ සහය ලබා දීම Curve Up වෙත පැවරුණු අතර ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගමනේදී අවශ්‍ය සහය සහ ප්‍රායෝගික මගපෙන්වීම ලබා දීම මගින් එම ක්‍රියාවලිය සාර්ථක ලෙස නිම කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.

Ecraftt සැබෑ ශ්‍රී ලාංකීය අත්කම් භාණ්ඩ පෙළකින් සමන්විත වන අතර අතින් පින්තාරු කරන ලද බතික් සුබපැතුම් පත්වල සිට අත්බෑග්, නූල් මගින් නිෂ්පාදිත මාල සහ දුම්බර මගින් වියන ලද පසුම්බි වැනි බොහෝ දෑ ඒ යටතට අයත් වේ. Ecraftt.com ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අත්කම් කර්මාන්ත ප්‍රජාව සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව තුල තිරසාර අත්කම් කර්මාන්තයක් ගොඩනැගීම යන ඔවුන්ගේ දැක්මට සහාය වන තවත් මාර්ග වෙත සිය බලතල පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

Ecraft හි සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ, සමුදික ලියනගේ මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය “මෙය ගැනුම්කරු සහ අත්කම් නිර්මාණය අතර සබඳතාවක් ඇති කිරීමක් පමණක් නොවේ, මෙම අත්කම් අතර සැගවී තිබෙන්නාවූ රසවත් කතන්දර ඉදිරියට ගෙනයාමක්. Ecraft අපි විශ්වාස කරනවා සෑම අත්කම් නිර්මාණයක් තුලම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ රසවත් කතාවක් පවතින බව. ඒ නිසා අපෙන් පාරිභෝගිකයෙක් අත්කම් නිර්මාණයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඔවුන්ට එම නිර්මාණයට අමතරව ශ්‍රී ලාංකීය අත්කම් කර්මාන්තය වටා ගෙතුණු රසවත් කතාන්දරයක්ද හිමි වනවා.

“අපි අපේ මෙහෙවර තවම සිදුකර අවසන් නැහැ, නමුත් අපි සතුව ඉදිරියට යාමේ අධිෂ්ඨාන නිසැකවම පවතිනවා. එම ඉදිරි ගමනට සහය වන ඉතා උද්යෝගිමත් අත්කම් නිර්මාණ ශිල්පින් ජාලයක් අප සමඟ සිටිනවා. අපි සෑම විටම ඔවුන්ව දිරිමත් කරමින් එම ජාලය පුළුල් කර ගැනීමටත්, අප පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසට අප සමඟ අත්වැල් බැඳගැනීමට අවස්ථාව ලබා දීමටත් සැදී පැහැදී සිටිනවා” ඔහු තව දුරටත් සිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.

COVID-19 අත්කම් කර්මාන්තයටද විශාල අභියෝගයක් වූ අතර Ecraftt එම අභියෝගය භාර ගනිමින් දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ට සිය නිර්මාණ දේශීය සහ විදේශීය යන වෙළඳපළවල් දෙවර්ගයටම ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුනි. ඔවුන්ට එම තරඟකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය නවතම යෙදුම් සහ රසය, විලාසිතා, වෙළඳපල උපාය මාර්ග ආශ්‍රිත සංකල්ප හඳුන්වා දෙමින් ඔවුන්ගේ රසවත් කතාන්දර සියල්ලන් සමඟම බෙදා ගැනීමට Ecraftt ඉඩ සලසන ලදී.

ශ්‍රී ලංකාවේ UNDP ප්‍රජාව, එහි හවුල්කරුවන් සමඟ එක්ව, තිරසාර ක්‍රියාමාර්ග හරහා තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට කැපවී සිටින අතර, වසංගතය විසින් ඇති කරන ලද  සමාජ-ආර්ථික බලපෑම් හමුවේ ඉදිරියට පැමිණීම සඳහා ඉදිරි වසරවලදී ද මෙවැනි  HackaDev ආදි ශිෂ්‍ය ජාලයේ ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට සහාය වීමට අපේක්ෂා කරයි.

Ecraftt සහ එහි නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර සඳහා www.ecraftt.com වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *