Sinhala

සමථ මණ්ඩල කොමිෂන් සභාව, සමථ මූල මණ්ඩල වෙත මහජනතාව ගේ ආරවුල් භාර දීම සඳහා පහසු ක්‍රමයක් දියත් කරයි

Summary

කොළඹ, මාර්තු xx, 2022 – ශ්‍රී  ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව (MBC) අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සමථ මූලමණ්ඩල වෙත ජනතාවගේ ආරවුල් පහසුවෙන්  යොමු කිරීම සඳහා  සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී  ඇත. මෙමගින් ප්‍රජා […]

කොළඹ, මාර්තු xx, 2022 – ශ්‍රී  ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව (MBC) අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සමථ මූලමණ්ඩල වෙත ජනතාවගේ ආරවුල් පහසුවෙන්  යොමු කිරීම සඳහා  සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී  ඇත. මෙමගින් ප්‍රජා සමථ මූල මණ්ඩලවල සභාපතිවරයාගේ බල පරාසය පුළුල් කෙරෙන  අතර මහජනතාවගෙන් ආරවුල්  ලබාගැනීම පහසු කරයි.

ප්‍රථම පැමිණිලි පෙට්ටි කට්ටලය ප්‍රදානය කිරීමේ උත්සවය  ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී තොර්ස්ටන් බාර්ග්ෆ්රීඩ්, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ SEDR ව්‍යාපෘති කණ්ඩායම් නායක ජාක් කාර්ස්ටන්ස් සහ ආසියා පදනමෙහි හි ශ්‍රී ලංකාව සඳහා නියෝජ්‍ය නියෝජිත යොහාන් රොබර්ට් යන මහත්ම මහත්මීන් ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

දැනට පවතින ආරවුල් භාර ගැනීමේ ක්‍රමයට අනුව මහජනයා විසින් ආරවුල් ඇති ප්‍රදේශයේ ප්‍රජා සමථ මණ්ඩලයේ (CMB) අදාළ සභාපතිවරයා වෙත  විධිමත් ලිපියක්  මගින් ඔවුන්ගේ ආරවුල් භාරදිය යුතුය. කෙසේ වෙතත්, සමථ මණ්ඩලයට විධිමත් පැමිණිලි භාර ගැනීමේ මෙම ක්‍රමවේදය කාලය බොහෝසේ ගතවන ජනතාවට නිසි අවබෝධයක් නොමැත්තක් වීම නිසා , මහජනතාවට තම පැමිණිලි භාරදීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු විය. ඊට විසඳුමක් ලෙස ආරවුල් භාර ගැනීම සඳහා පහසු මෙම  ක්‍රමය  ක්‍රියාත්මක කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව තීරණය කළේය. ඵලදායිව ආරවුල් නිරාකරණයට සහායවීම (Supporting Effective Dispute Resolution – SEDR) ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ආසියා පදනම (TAF) විසින් පැමිණිලි පෙට්ටි 350ක් නිර්මාණය කර නිෂ්පාදනය කිරීමට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කට සමථ මණ්ඩල පැමිණිලි පෙට්ටි බෙදා හැරීම අධීක්ෂණය කිරීමට සේවා සපයන්නෙකු සමඟ ගිවිසුම් ගත විය.

SEDR යනු යුරෝපා සංගමයේ අරමුදල් දායකත්වයෙන් ආසියා පදනම හා එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාවට නංවන සිව් වසරක යුක්ති පිවිසුම් වැඩසටහනකි. යුරෝ මිලියන 7 ක වටිනාමක් සහිත මෙම ව්‍යාපෘතිය, යුරෝපා සංගමය විසින් ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන ප‍්‍රතියෝජනය, ප‍්‍රතිසන්ධානය  සහ සියලුදෙනාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීම (Strengthening Transformation, Reconciliation and Inclusive Democratic Engagement – STRIDE ) යන වඩාත් පුළුල් වැඩසටහනේ අංගයකි.

ශ්රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ් ප්රධානී තොර්ස්ටන් බාර්ග්ෆ්රීඩ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ප්‍රාදේශීය ආරවුල් සමථයකට පත් කිරීම පළාත් පාලනයේ වැදගත් අංගයක් වන අතර, කාර්යක්ෂමව පැමිණිලිභාර ගැනීම සම්බන්ධයෙන් ඇති බාධක ඉවත් කිරීමට අප කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සමථ මණ්ඩල පැමිණිලි පෙට්ටියක් යනු මහජනතාවට ඔවුන්ගේ පැමිණිලි භාර දීමට පහසු ක්‍රමයක් වන අතර එයට ප්‍රජාවන්හි වැඩි පිරිසකට ඔවුන්ගේ ආරවුල් ඉදිරිපත්කිරීමට දිරිගැන්වීමේ හැකියාව ඇත. එමගින් අවසානයේදී ප්‍රජා යුක්තිය පිළිබඳ පැහැදීම සහ විශ්වාසය වැඩි කිරීමට හේතු වේ. SEDR ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමයේ අරමුදල් සැපයීම, ශ්‍රී ලංකාවේ සමාජ සංවාදය ප්‍රවර්ධනය කිරීමට සහ පළාත් පාලනයට සහාය වීමට දක්වන කැපවීමේ කොටසකි.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, “විකල්ප ආරවුල් විසඳීමේ (Alternate Dispute Resolution – ADR) යාන්ත්‍රණ, ලෝකයේ බොහෝ අධිකරණ බල ප්‍රදේශවල ඵලදායී, වේගවත් සහ ලාභදායී බව ඔප්පු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සමථකරණයට දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුමක් ලබා දෙන අතරම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මත ඇති බර ලිහිල් කිරීමට හැකියාව ඇත. මෙම ව්‍යාපෘතියට සහය දැක්වීමට සහ මෙම ප්‍රගතිශීලී පියවර ගැනීම සඳහා අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් අපගේ සංවර්ධන හවුල්කරුවන් වන බ්‍රිතාන්‍ය කවුන්සිලය, ආසියා පදනම සහ යුරෝපා සංගමයට මම ස්තූතිවන්ත වෙමි.” යැයි  ප්‍රකාශ කළේය.

ඵලදායිව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු  www.SEDRSriLanka.org වෙබ් අඩවියෙන් සහ Facebook සහ Twitter හි @SEDRSriLanka තුලින් ලබාගත හැක.

SEDR පිළිබඳව

SEDR යනු යුරෝපා සංගමයේ අරමුදල් දායකත්වයෙන් ආසියා පදනම හා එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාවට නංවන සිව් වසරක යුක්ති පිවිසුම් වැඩසටහනකි. එය යුරෝපා සංගමය විසින් ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන Strengthening Transformation, Reconciliation and Inclusive Democratic Engagement (STRIDE) යන වඩාත් පුළුල් වැඩසටහනේ අංගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *