Sinhala

STEM වෘත්තීන් හදාරන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද නව එක්සත් ජනපද ක්‍රියාමාර්ග වෙත Study Group වෙතින් පැසසුම්

Summary

ජාත්‍යන්තර අධ්‍යාපනයේ ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන Study Group විසින්,  එක්සත් ජනපදයේ සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත අංශයෙන් (STEM) වෘත්තීන් සොයන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා Biden-Harris Administration  මගින්  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව ක්‍රියාමාර්ගයන් […]

ජාත්‍යන්තර අධ්‍යාපනයේ ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන Study Group විසින්,  එක්සත් ජනපදයේ සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත අංශයෙන් (STEM) වෘත්තීන් සොයන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා Biden-Harris Administration  මගින්  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව ක්‍රියාමාර්ගයන්  ඉතා පැසසුමට ලක් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදය තුල අධ්‍යාපනයේ යෙදෙන කුසලතා ඇති ජාත්‍යන්තර සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු වඩා හොඳ වෘත්තියක් ගොඩනගා ගැනීම සඳහා පහසුකම් සැලසීමට සහ ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටීමට අවස්ථාව ලබා දීම උදෙසා Biden-Harris Administration   විසින් වෙනස්කම් කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.

එම වෙනස්කම්හි කොටසක් ලෙස, F-1 වීසා බලපත්‍රයක් සහිත ජාත්‍යන්තර සිසුන්ට ඇතැම් STEM ක්ෂේත්‍රවල උපාධිය, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති STEM විකල්ප ප්‍රායෝගික පුහුණු (OPT) වැඩසටහනට නව අධ්‍යයන ක්ෂේත්‍ර 22ක් එක් කර ඇත. ඔවුන්ගේ උපාධි ලබා ගැනීමෙන් පසු සේවා පළපුරුද්ද ලබා ගැනීම සඳහා මාස 36 ක් දක්වා එක්සත් ජනපදයේ රැඳී සිටීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.  එපමනක් නොව, එක්සත් ජනපද රජයේ අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතු කාර්යාංශය (ECA) සංක්‍රමණ නොවන BridgeUSA exchange පිරිසට පහසුකම් සැලසීම සහ J-1 උපාධි අපේක්ෂකයින් සහ STEM ක්ෂේත්‍රවල උපාධි අපේක්ෂකයින් සඳහා මාස 36ක් දක්වා අධ්‍යයන පුහුණුව ලබා දෙනු ඇත. මේ අතර, O-1A  සංක්‍රමණ නොවන අවස්ථාව, විද්‍යාව, ව්‍යාපාර, අධ්‍යාපනය, හෝ මලල ක්‍රීඩා යන ක්ෂේත්‍රවල අතිවිශිෂ්ට දක්ෂතාවයක් දක්වන පුද්ගලයින්ට ලබා ගත හැකිය.

Study Group employee Josh Rubin.

Study Group හි විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයේ විධායක උප සභාපති ජෝෂුවා රූබින් මහතා මෙම නව ක්‍රියාමාර්ග පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී, “ගෝලීය වශයෙන් පවතින STEM කුසලතාවයන් ආකර්ෂණය කර ගැනීම උදෙසා එක්සත් ජනපද රජය විසින් හඳුන්වා දෙන ලද නව ක්‍රියාමාර්ග අපි සාදරයෙන් පිලිගන්නවා. මේ තුලින් එක්සත් ජනපදයේ STEM උපාධි මට්ටමේ වැඩසටහන් හැදෑරීමට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සිසුන්ට ගෝලීය මට්ටමේ අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි අතර අදාළ සේවා පළපුරුද්ද ලබා ගත හැකිය”.

Study Group යනු විවිධාංගීකරණය වූ කුසලතා සහ පසුබිම් සහිත තාරුණ්‍යයට පහසුකම් සැලසීමට ඉගැන්වීමේ වැඩසටහන් 500 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවෙකු බව සඳහන් කළ යුතුය. එක්සත් රාජධානිය සහ යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා විවිධ විශ්ව විද්‍යාල සමඟ වැඩ කිරීමේ අත්දැකීම් සමඟින්, Study Group ජාත්‍යන්තර අධ්‍යාපන ලෝකය ගවේෂණය කිරීම සඳහා ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට සිය අත්වැල සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *