Sinhala

ශ්‍රී ලාංකේය ඔබ සැමගේ අසමසම වීර්යයට උපහාරයක් ලෙසින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

Summary

ශ්‍රී ලංකාව තුල අලෙවිකරණ ක්ෂේත්‍රය නඟාසිටුවීමේ පුරෝගාමියා ලෙස මෙන්ම අලෙවිකරණ වෘත්තිය නිපුනත්වයෙන් පිරිපුන් කරන්නට කැපවී සිටින ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, රට තුල උද්ගතව ඇති වත්මන් වාතාවරණයට ධෛර්යයෙන් මුහුණ දෙන සියළුම ශ්‍රී ලාංකේය සහෘද ජනතාව සමඟ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බව […]

ශ්‍රී ලංකාව තුල අලෙවිකරණ ක්ෂේත්‍රය නඟාසිටුවීමේ පුරෝගාමියා ලෙස මෙන්ම අලෙවිකරණ වෘත්තිය නිපුනත්වයෙන් පිරිපුන් කරන්නට කැපවී සිටින ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, රට තුල උද්ගතව ඇති වත්මන් වාතාවරණයට ධෛර්යයෙන් මුහුණ දෙන සියළුම ශ්‍රී ලාංකේය සහෘද ජනතාව සමඟ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බව අවධාරණය කරමු.

ඓතිහාසික වශයෙන් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවධිය තුල උද්ගතව වෙමින් පවතින අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ ඊට සමානුරූපීව ශ්‍රී ලාංකේය ජනතාව තනි තනිව සිදුකරන කැපකිරීම් මෙන්ම සාමුහිකව පවුල් ඒකක වශයෙන් මෙම සංක්‍රාන්ති සමයට ඔරොත්තු දීමට දරන උත්සාහයන්ද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ නිරන්තර නිරීක්ෂණයට ලක්වේ.

දේශීය වෙළඳපොළ තුල පවතින භාණ්ඩ හා සේවාවන්හි අසාමාන්‍ය මිල ඉහළ යාම පාදක කරගනිමින් මහජනතාව වෙත බරක් පැටවීම වෙනුවට, මහජනතාවගේ සහ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශ්වාසයයි.

ඒ අනුව, වෙළඳපොළ තුල දක්නට ලැබෙන මිල වැඩිවීම් සියල්ල මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සියල්ලෙහි මිල ගණන්, විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අයකෙරෙන ගාස්තු නොවෙනස්ව, දැනට අයකරගෙන යන ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත්, පිරිවැය වැඩිවීම නිසා ගාස්තු වැඩිවීමක් සිදුකිරීම නොවැළැක්විය හැකි නම් මිස වෙනත් කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් ඉහළ නංවා නොසිටීමටත් ඒකමතිකව තීරණය කර ඇති බවත් ප්‍රඥාපූර්වකව දැනුම් දෙමු.

බාධක ජයගනිමින් සංවර්ධනයේ නව මාවත් විවර කරගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නඟා සිටුවන්නට උපයෝගී වන ප්‍රභලතම අවිය අධ්‍යාපනය බව අපි දැඩිව විශ්වාස කරමු. ඒ අභිමානවත් දේශය ගොඩනැගීම උදෙසා ප්‍රඥාවන්තයන් බිහි කිරීම වෙනුවෙන් හැම මොහොතකම පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය අව්‍යාජව කැප වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *