Sinhala

සෙලාන් බැංකුව COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා දැක්වූ දායකත්වය රු. මිලියන 20 ක මට්ටමට ළඟා වෙයි

Summary

සමස්ත ලෝකයම පෙර කිසිදා මුහුණ නොදුන් වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, සෙලාන් බැංකුව සිය කාර්යමණ්ඩල සාමාජිකයන් සමග එක්ව ශ්‍රී ලාංකේය ජනතාවට සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටී. එම ප්‍රයත්නයේ එක් අදියරක් ලෙස සෙලාන් බැංකුව බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ […]

සමස්ත ලෝකයම පෙර කිසිදා මුහුණ නොදුන් වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, සෙලාන් බැංකුව සිය කාර්යමණ්ඩල සාමාජිකයන් සමග එක්ව ශ්‍රී ලාංකේය ජනතාවට සහයෝගය ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටී.

එම ප්‍රයත්නයේ එක් අදියරක් ලෙස සෙලාන් බැංකුව බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මුහුණු ආවරණ 5,500 ක් ප්‍රදානය කිරීමට මැයි මස 4 වන දින කටයුතු කළේය. කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ අවස්ථාවකදී එම මුහුණු ආවරණ තොගය පොලිස්පතිතුමා වෙත බාර දෙන ලද අතර, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් පොලිස් රථ වාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, සෙලාන් බැංකුවේ ශාඛා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චිත්‍රාල් ද සිල්වා, අලෙවි සහ විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා, මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයන්ත අමරසිංහ සහ මානව සම්පත් අංශයේ ප්‍රධාන කළමනාකාරිනී අමන්ති මෝතා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊට අමතරව, මැයි මස 5 වනදා අගමැති ගරු මහින්ද රාජපක්ෂ මහතා සමග සිදු කළ හමුවකින් අනතුරුව සෙලාන් බැංකුව ජනාධිපති අරමුදල සඳහා රු. මිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කරමින් මෙරට කොරෝනා වසංගතය දුරලීම සඳහා දියත් කෙරෙන ජාතික කර්තව්‍යය සඳහා සිය සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

තවද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය වෙත මුහුණු ආවරණ 3,000 ක් ලබා දීමට ද සෙලාන් බැංකුව කටයුතු කළේය. 2020 මැයි මස 6 වනදා සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු මෙම පරිත්‍යාගය එම වෘත්තීය සමිතිය නියෝජනය කරමින් උපුල් රෝහණ මහතා වෙත බාර දෙන ලදි. COVID-19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් කැපවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව මෙම මුහුණු ආවරණ මගින් තහවුරු කෙරේ. මෙවැනි ආපදා තත්ත්වයකදී දේශීය ව්‍යාපාර නගාසිටුවීමේ අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් සෙලාන් බැංකුව මෙම මුහුණු ආවරණ සියල්ල මුළුමනින් ම දේශීය නිෂ්පාදකයෙකුගෙන් ලබා ගැනීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය දුරලීම සඳහා සෑම දිනකම අඛණ්ඩව වෙහෙසෙන ඉදිරිපෙළ නිලධාරීන්ගේ කැපවීම අප සැබෑ ලෙස අගය කරනවා. මෙවැනි පරිත්‍යාග හරහා මෙරට වසංගත තත්ත්වය පාලනය කිරීමට අප අඛණ්ඩව කැපවන බවට ප්‍රතිඥා ලබා දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. තම දිනක වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන්නට මෙම පරිත්‍යාග යතාර්ථයක් බවට පත් නොවන්නට තිබුණා. ඔවුන්ගේ දායකත්වයට සමාන දායකත්වයක් බැංකුව ද ලබා දුන් අතර එම සහයෝගිතාව හරහා සැලකිය යුතු මුදලක් මෙම ජාතික කර්තව්‍යය සඳහා එක්රැස් කර ගැනීමට අපට හැකි වුණා. අපගේ සියලු ම පාරිභෝගිකයන් හට ආර්ථික අභියෝග ජය ගැනීමට සහයෝගය ලබා දෙමින් අඛණ්ඩව බැංකුකරණ සේවා ලබා දෙන අතරතුර මෙවැනි දායකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා” යනුවෙන් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *