Sinhala

ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, ‘Fems ඇය’ සමඟ අත්වැල් බැඳ ගනියි.

Summary

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems […]

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදුකෙරිණි.

මෙම සහයෝගීතාව නිල වශයෙන් සංකේතවත් කිරීම සනිටුහන් කරමින් රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සහ Fems අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. Fems මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් 2021 මාර්තු මාසයේ සිට ‘Fems ඇය’ ව්‍යාපෘතිය දියත් කරයි.

‘Fems ඇය’ යනු කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිත දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙරට තුළ දියත් වන පළමු ජාතික ව්‍යාපෘතිය වන අතර, එමගින් කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ සංකල්ප සාමාන්‍යකරණය කිරීමට, ඒ පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම දැනුවත් කිරීමට එමෙන්ම කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව ඊට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහය වන සුවිශේෂී ව්‍යාපෘතියකි. ARKA initiative, Dilmah සමාගමට අනුබද්ධිත Merrill J. Fernando පදනම, Sarvodaya Women’s Movement සහ Sarvodaya-Fusion, වැනි සම අදහස් සහිත සංවිධානවල සහයෝගයෙන් ශක්තිමත් වූ ‘Fems ඇය’, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සවිබල ගැන්වීමට හා දිරිගැන්වීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *