Sinhala

කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

Summary

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ […]

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන මාතෘකාව යටතේ සිය අදහස් දක්වමින්, ලෝකය පිරිසිදු හා පුනර්ජනනීය අනාගතයක් කරා සංක්‍රමණය වීමේදී ෆොසිල ඉන්ධන සඳහා ප්‍රධාන විකල්පයක් ලෙස හරිත හයිඩ්‍රජන්වල ශක්‍යතාව සහ විභවය මැනවින් සඳහන් කළේය.

හරිත හයිඩ්‍රජන් තුළින් පරිසරයට මෙන්ම සංවර්ධන අංශයට ලැබෙන  ප්‍රතිලාභ පිළිබඳව WEF වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද බ්ලොග් පිටුව තුළ සඳහන් කර ඇති අතර ශුන්‍ය විමෝචනයක් සහිත පිරිසිදු ඉන්ධනයක් ලෙස හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම එමඟින් ඉස්මතු කර තිබේ. හරිත හයිඩ්‍රජන් නිසැකවම ලොව පුරා කාබන්  මධ්‍යස්ථභාවය පිළිබඳව වන අපේක්ෂාවන් සැබෑ කර ගැනීමේ මාර්ගය වනු ඇත. විභව බලශක්ති ගබඩා මාධ්‍යයක් ලෙස හයිඩ්‍රජන් හඳුන්වනු ලබන අතර එමඟින්  ජලය සමඟ ඉන්ධන කෝෂ තුළ විදුලිය නිපදවිය හැකිය. එබැවින් මෙම බ්ලොග් පිටුව ඔස්සේ එහි විභවය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරයි. ඒ අනුව එහි නිෂ්පාදන පිරිවැය අඩු කිරීම, විවිධ ප්‍රතිපත්ති ආධාරක ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම දැරිය හැකි මිලක් යටතේ හරිත හයිඩ්‍රජන්  ලබා දීම සඳහා සමස්ත සැපයුම් දාමය ආවරණය කරමින් සිරස් ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම ආදි කරුණු  මෙම බ්ලොග් පිටුව තුළ සඳහන් කර තිබේ.

දැරිය හැකි මිල ගණන් යටතේ ලොවට හරිත අණු සැපයීමේ  හැකියාව පවතින්නේ පසුගාමී ඒකාබද්ධතාවය සහිත සමාගම්වලට පමණි. හරිත හයිඩ්‍රජන් පුළුල් ලෙස භාවිතා කිරීමට නම්  එහි දැනට පවතින කිලෝග්‍රෑමයකට ඇමරිකානු ඩොලර් 3-5 වන නිෂ්පාදන පිරිවැය කිලෝග්‍රෑමයක් සඳහා ඇමරිකානු ඩොලර් 1 දක්වා අඩුවිය යුතුය.

පරිණාමය වෙමින් පවතින බලශක්ති ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අභියෝග සහ අවස්ථාවන් මෙම බ්ලොග් පිටුව තුළින් පැහැදිලිව ඉදිරිපත් කර ඇති අතර එය නායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙන්ම කර්මාන්ත පාර්ශවකරුවන්ට ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලබාගැනීම සඳහා කදිම මූලාශ්‍රයක් වනු ඇත. අනාගත බලශක්ති ක්ෂේත්‍රය නිර්මාණය කිරීමේදී හරිත හයිඩ්‍රජන් මඟින් ඉටු කළ හැකි සුවිශාල  කාර්යභාරය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වන පාඨකයන්ට ද පහත සබැඳිය ඔසේ මෙම බ්ලොග් පිටුව වෙත පිවිසිය හැකිය. https://www.weforum.org/agenda/2024/01/da7a7745-1747-4519-8bc5-aec6c64a42bb/

සීමාසහිත අදානි නව කර්මාන්ත සමාගම (ANIL) පිළිබඳව

සීමාසහිත අදානි සමාගම  (AEL) යටතේ පිහිටුවා ඇති සීමාසහිත අදානි නව කර්මාන්ත සමාගම (ANIL)  ගෝලීය වශයෙන් තරඟකාරී හරිත හයිඩ්‍රජන් සහ ඒ ආශ්‍රිත තිරසාර නිපැයුම්  නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු විසඳුම් අවසානය දක්වා සංවර්ධනය කරයි. ගුජරාටයේ පිහිටා ඇති සීමාසහිත අදානි නව කර්මාන්ත සමාගම තුළ වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියනයක (MMTPA) හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමේ පළමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.එහි මූලික අදියර 2027 FY වන විට නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර වෙළෙඳපල තත්ත්වය අනුව ඉදිරි වසර 10 තුළ හරිත හයිඩ්‍රජන් ධාරිතාව 3 MMTPA දක්වා ඉහළ නැංවීමට මෙම සමාගම අරමුණු කරගෙන ඇත. එහි ආයෝජනය ඇමරිකානු ඩොලර්  බිලියන 50ක් පමණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *