Sinhala

98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි

Summary

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් […]

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපය තිරසාර සුඛෝපභෝගී ප්‍රවණතාවයක් වෙත පරිවර්තනය කිරීම වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇත.

මෙම සංවත්සර උත්සවය ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පවත්වන ලද අතර මෙහිදී ආයතනය වෙත දීර්ඝ කාලයක් සේවය සැපයූ සේවක සේවිකාවන් අගයමින් සහතික පත්‍ර සහ සංකේත ප්‍රදානය ද සිදු කෙරිණි. මීට සමගාමීව දෙමෝදර මූලික රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.

12 වැනි සංවත්සර සැමරුම පිළිබඳව අදහස් පළ කරමින් 98 Acres Resort and Spa හි සම-නිර්මාතෘවරුන් වන අබේරත්න සහෝදරයන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. ‘අපගේ සුඛෝපබෝගී සහ පරිසර හිතකාමී භාවිතයන්වල සුවිශේෂී බව ඇල්ල ප්‍රදේශයේ සංචාරක ගමනාන්තයන් අතර ප්‍රමුඛ තේරීමක් ලෙස අප ස්ථානගතවීමට හේතු වී තිබෙනවා. මෙම ජයග්‍රහණය තුළින් ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයන් සවිබල ගැන්වීමට මෙන්ම ප්‍රදේශය තුළ නව අවස්ථාවන් නිර්මාණය කරමින් සංවර්ධනය කිරීමට ද අප දක්වන නොසැලෙන කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා.98 Acres Resort & Spa සංචාරකයින්ට වඩාත් ආකර්ෂණීය ස්ථානයක් ලෙස නිර්මාණය කිරීමට අපගේ සේවක මණ්ඩලය නිරන්තරයෙන් වෙහෙසෙන අතර අපගේ ආයතනය අද තිබෙන ස්ථානය වෙත රැගෙන ඒමට ඔවුන්ගේ එම කැපවීම ඉවහල් වී තිබෙනවා .අපගේ ගමන් මඟ තුළ මෙම සුවිශේෂී සන්ධිස්ථානයේ සිට  ඉදිරි වසරවලදී සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවයක් ලබාදීම පිළිබඳව අපි සැලසුම් කරනවා.”

98 Acres Resort & Spa හි නවාතැන් ගැනීමට පැමිණෙන ආගන්තුකයන් සඳහා එහිම පිහිටි Ravana Pool Club හි සුවිශේෂි වට්ටම් සහ දීමනා හිමිවන අතර මෙහි දින 365ම විවෘතව පවතින උණුසුම් Infinity නාන තටාකය, Jacuzzis පහසුකම් මෙන්ම DJ සංගීතය සංචාරකයින්ට සුවපහසු ප්‍රියජනක අත්දැකීමක් තිළිණ කරනු ඇත. සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත්  Ella Swing අත්දැකීම මෙම සංචාරක ගමන්මඟ පුරාවට නොමැකෙන මතක සටහනක් වනු ඇත. ප්‍රණීත ආහාර පානවල රසය සහ  Cocktail මිහිර ද  ‘Ravana Pool Club’ හිදී නොඅඩුව ලබා ගත  හැකි අතර මෙය නිසැකවම සංචාරකයින්හට සොඳුරු පාරාදීසයක් වනු ඇත. විශිෂ්ට ගෘහ නිර්මාකරණය, මනරම් පුළුල් දර්ශන අත්දැකීම සහ නිරිතදිග ආසියානු කලාපයේ සුඛෝපභෝගී විනෝදාස්වාද පහසුකම් සැපයීම ආදිය පිළිබඳව දක්වන ලද සුවිශේෂීත්වය වෙනුවෙන් ‘Ravana Pool Club’ පසුගියදා පැවැති World luxury awards සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබා තිබේ.

කඳු නැගීම, දුනු ක්‍රීඩා, තවත් බොහෝ ත්‍රාසජනක ක්‍රීඩා හා ක්‍රියාකාරකම් රැසක් සමඟ සංචාරකයින් වෙත අමතක නොවන අපූර්ව අත්දැකීමක් ලබාදීමට 98 Acres Resort & Spa  කටයුතු  සම්පාදනය කර ඇත.

‘World Luxury Awards’හි ‘Best Luxury Mountain Resort in the World’ සම්මානය, Haute Grandeur Global Awardsහි ‘Best Relaxation Experience in Sri Lanka’ සම්මානය මෙන්ම Trip Advisor’s Traveler’s Choice Awards’හි ‘Best Romantic Hotel in Asia’ යන සම්මාන වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව දිනාගැනීමට සමත් වී ඇති අතර තවත් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් රැසක් දිනා ගැනීමට 98 Acres Resort & Spa සමත් වී තිබේ.

12 වසරක් පුරා පැමිණි ගමන් මඟ තුළ ලබාගෙන ඇති මෙම ජයග්‍රහණයන් තුළින් 98 Acres Resort & Spa සතු විශිෂ්ටත්වය මැනවින් විදහා දැක්වේ. අනාගතයේදී ද තිරසාර පරිසර හිතකාමී භාවිතයන් යොදාගනිමින් මෙරට සංවර්ධනය පෝෂණය කිරීමට 98 Acres Resort & Spa කැපවී සිටින අතර සුහද සහ සුවපහසු ආගන්තුක සත්කාරවලින් සමන්විත සුවිශේෂී  සංචාරක ගමනාන්තයක් ලෙස අනාගතයේදී ද සිය සේවාවන් සැපයීමට 98 Acres Resort & Spa අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *