Sinhala

Hayleys Aventura සහ Invertek Drives සබඳතාවය බලශක්ති කාර්යක්ෂමතාවය සවිබල ගන්වයි

Summary

Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක් ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන  Hayleys Aventura ප්‍රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්‍ෂණය (Drive […]

Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක්

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන  Hayleys Aventura ප්‍රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්‍ෂණය (Drive Technology) සඳහා ප්‍රසිද්ධියට පත් Optidrive Eco Variable Frequency Drives (VFDs)  නිෂ්පාදනය  හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය  හරහා කෘෂිකර්මාන්තය සහ ජලාශ්‍රිත කර්මාන්තවල බලශක්ති පරිභෝජනය අවම  කරයි. එමෙන්ම මෙමඟින් බලශක්ති සැපයුම් දාමයෙහි කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනය ද අවම කරන අතර මෙය තල බමන මෝටර්වල (Fan Motor) වේගය පාලනය කිරීමට ද ඉවහල් වනු ඇත.

Hayleys Aventura විසින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් ද Invertek Drives හි මෙම Optidrive VFD නිෂ්පාදනය භාවිතා කරන ලදී. 2018 වසරේ සිට, දේශීය තේ මැලවීමේ (වියළීමේ) ක්‍රියාවලිය සඳහා VFD තාක්ෂණය ඒකාබද්ධ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බලශක්ති කාර්යක්ෂමතාවයේ සහ පිරිවැය කළමනාකරණයේ කැපී පෙනෙන දියුණුවක් සිදු වී ඇත. තේ කොළවල තෙතමනය 40%-50% දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියේදී Invertrk Drives භාවිතය සමඟින් සමුච්චිත බලශක්ති පිරිමැසීම 20% සිට 25% දක්වා සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමට මෙම නිෂ්පාදනය හේතු වී තිබේ. මෙම නව්‍ය ප්‍රවේශය තේ කර්මාන්තයේ  ගෝලීය තරඟකාරිත්වය සැළකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට මනා පිටිවහලක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අප සමාගම කීර්තිමත් සන්නාමයක් වන Invertek Drives සමඟ හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම ගෝලීය ක්ෂේත්‍රයේ බලශක්ති සුරැකීම පිළිබඳ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉවහල් වෙනවා. ඒ වගේම  ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තවලට සහ  ජාතික ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් ද මෙමඟින් සිදුවෙනවා.නවීන කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස Hayleys  Aventura සැමවිටම ගෝලීය වශයෙන් පවතින වැඩි පිරිවැය අවම කර ගැනීම අරමුණු කර ගත් තාක්ෂණයන් භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.ඒ අනුව දිවයින පුරා නිෂ්පාදන, කෘෂිකාර්මික සහ ජලාශ්‍රිත කර්මාන්ත සඳහා දහසකට අධිකVFD ප්‍රමාණයක් හඳුන්වා දීම සුවිශේෂී  පියවරක්.”

Invertek Drives හි ගෝලීය විකුණුම් කළමණාකරු නික් තෝර්න් මහතා මේ පිළිබඳ සිය අදහස් සඳහන් කළේ මෙසේය. “නවෝත්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා නිරන්තරයෙන් කැපවී සිටින වගකීම් සහිත ආයතනයක් වන Hayleys Aventura සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් ආඩම්බර වෙනවා. උසස් මට්ටමේ, නව්‍ය සහ විශ්වාසනීය කාර්මික විසඳුම් සැපයීම පිළිබඳ අප දක්වන අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙම VFDs නිෂ්පාදනය සමඟ solar photovoltaic  තාක්ෂණය ද ඒකාබද්ධ කිරීම හරහා  අපගේ නිෂ්පාදන පරාසයේ බහුකාර්යතාව ඉහළ  මට්ටමකට රැගෙන යනවා.”

Hayleys Aventura මඟින් Invertek Drives හි Optidrive VFD තාක්ෂණය සාර්ථක ලෙස භාවිතා කිරීම මෙරට කර්මාන්ත ආශ්‍රිත බලශක්ති පරිභෝජනය කළමනාකරණය කරගනිමින් පිරිවැය අවම කරගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ තිරසාර වර්ධනයට ද දායක වනු ඇත.

 ඡායාරූප සිරස්තල;

“20-25% බලශක්ති ඉතිරියක් සමඟින් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නංවන Optidrive Eco VFDs”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *