Sinhala

Groundworth Partners සමඟ ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයට විශ්වාසනීය ආයෝජනයක්

Summary

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වන Groundworth Partners, සිය ගනුදෙනුකරුවන් වෙත ඉතා සුපරික්ෂාකාරිව තෝරාගත් දේපල වෙළෙඳාම් අවස්ථා පිරිනමමින් ඔවුන් වෙත උපරිම  වටිනාකමක් ලබාදීමට කැපවී සිටියි. ව්‍යාපාර, නීති, මූල්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි අංශයන්හි පුළුල් පළපුරුද්දක් සහිත  […]

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වන Groundworth Partners, සිය ගනුදෙනුකරුවන් වෙත ඉතා සුපරික්ෂාකාරිව තෝරාගත් දේපල වෙළෙඳාම් අවස්ථා පිරිනමමින් ඔවුන් වෙත උපරිම  වටිනාකමක් ලබාදීමට කැපවී සිටියි.

ව්‍යාපාර, නීති, මූල්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි අංශයන්හි පුළුල් පළපුරුද්දක් සහිත  වෘත්තිකයන් කණ්ඩායමකගෙන් සමන්විත Groundworth Partners ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සුවිශේෂී දේපල අවස්ථාන් පිරිනමමින් පුළුල් සහ විධිමත් අත්දැකීමක් සහතික කරනු ලබයි. මෙහිදී සියලුම ඔප්පු පරීක්ෂාවන් හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගේ නායකත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන අතර ගනුදෙනුකරුවන් වෙත උපරිම නීතිමය ආරක්ෂාවක්  සපයනු ලැබේ. Groundworth Partners, දේපල තෝරාගැනීමේදී පහසු ප්‍රවේශ මාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වෙත ළඟාවීමේ හැකියාව වැනි සාධක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඔවුන්ගේ දේපල වෙළෙඳාම පිළිබඳ විශේෂඥ කණ්ඩායම විසින් අනාගත වර්ධනය පිළිබඳ සුවිශේෂී දැක්මක් සමඟින් ඕනෑම දේපලක් ලබාගැනීමට පෙර එහි වටිනාකම ගැන මනා පූර්ව තක්සේරුවක් සිදු කරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth Partners හි කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “අපේ ගනුදෙනුකරුවන්ට අපි ඉදිරිපත් කරන්නේ අප ද  විශ්වාසයෙන් ආයෝජනය කිරීමට පෙළඹෙන ආකාරයේ දේපල වෙළෙඳාම් අවස්ථා පමණයි. අප සමාගමේ සාර්ථකත්වය, අප සතු සුවිශේෂී තේරීම් ක්‍රියාවලිය සහ ගුණාත්මකභාවය පිළිබඳව  Groundworth Himbutana සහ Groundworth Athurugiriya  ආදී විකුණා අවසන් කරන ලද ව්‍යාපෘති කදිම සාක්ෂියක් සපයනයවා.”

දේපල වෙළෙඳාම් අංශයේ පවතින සංකීර්ණත්වය හොඳින් අවබෝධ කරගෙන සිටින  Groundworth Partners සෑමවිටම සිය ක්‍රියාවලිය සරලව සිදුකිරීමට කටයුතු කරයි. එමෙන්ම එම ක්‍රියාවලිය තුළදී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සහයෝගය ලබාදීමේ අරමුණින් ඔවුන් විසින් පුළුල් සේවාවන් රැසක් පිරිනමන අතර  නිවැරදි තීරණ ගැනීම සහතික කිරීම සඳහා විශේෂඥ මගපෙන්වීම ලබාදීම, ආයෝජනවල අරමුදල් පිළිබඳව සහ ඒවා නැවත ගෙන්වා ගැනීම පිළිබඳව විදේශික ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම, පසු සත්කාර කළමනාකරණය සහ Hatton National බැංකුව සමඟ තිබෙන හවුල්කාරීත්වය හරහා ආකර්ෂණීය නිවාස ණය විසඳුම් හඳුන්වාදීම ආදී සේවාවන් ඊට ඇතුළත් වේ. තවද Studio Hexar හි සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පීන් සමඟ  ඇති  හවුල්කාරිත්වය තුළින්, මිලදී ගත් ඉඩමෙහි නිවසක් හෝ වෙනත් ඉදිකිරීමක් සිදුකිරීමට අපේක්ෂා කරන ඕනෑම ගනුදෙනුකරුවෙකුට සැලසුම් සකස් කිරීම ඇතුළු ඒ සම්බන්ධ කටයුතු සඳහා  එම  ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහය  ලබා ගැනීමේ අවස්ථාව ද අතිරේක සේවාවක් ලෙස ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ආයෝජන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් සිදුකරමින් ගනුදෙනුකරුවන් වෙත පුළුල් සේවාවක් සැපයීමට Groundworth Partners සූදානමින් සිටියි.  සිය ගනුදෙනුකරුවන්ට ගුණාත්මක මෙන්ම වටිනා සහ පරිපූර්ණ අත්දැකීමක්  ලබාදෙමින් විශ්වසනීයත්වය ඔස්සේ සිය කීර්තිනාමය ගොඩනඟා ගැනීම Groundworth Partners හි බලාපොරොත්තුවයි.

වැඩි විස්තර සඳහා Groundworth Partners, 12 වන මහල, MAGA ONE, 200, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05, ශ්‍රී ලංකාව යන ලිපිනය ඔස්සේ හෝ +94 77 050 6506 / [email protected] ඔස්සේ  සම්බන්ධ විය හැකි අතර   https://www.groundworthpartners.com/ වෙත පිවිසීමෙන් ද තොරතුරු ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *