Sinhala සිංහල පුවත්

කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටදී එකලස් කිරීම සඳහා ජිනසේන සමාගම දකුණු කොරියාවේ KAMICO හා එක්වෙයි

Summary

ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ […]

ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට
ශ්‍රී ලංකාව පත්වෙයි.


ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර
ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන
සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ
මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට
එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ
තාක්ෂණික විශේෂඥතාව භාවිත කරමින් දේශීය සහ කලාපීය වෙළඳපල වෙත
ඒවා සැපයීම මෙම එකඟතාවයේ අරමුණ වී තිබේ.


දේශීය හා කලාපීය වශයෙන් පවතින කෘෂිකාර්මික අවශ්‍යතා සහ තත්වයන්
මැනවින් හඳුනා ගනිමින් දෙපාර්ශවය මෙම ගිවිසුමට එළඹ ඇති අතර ඒ
යටතේ ජිනසේන සහ KAMICO එක්ව තත්වයෙන් උසස් කෘෂි යන්ත්‍රෝපකරණ
මෙරටදී එකලස් කර වෙළඳපළට නිකුත් කිරීමට නියමිතය. මෙම ආයතන දෙක
කෘෂි උපකරණ පිළිබදව වන මෙරට එකම ජාතික මට්ටමේ පුහුණු ආයතනය
වන කෘෂි උපකරණ පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) හා සම්බන්ධ වෙමින්
කෘෂි උපකරණ වැඩිදියුණු කර නිපදවීමට සැලසුම් කර තිබේ. මෙහිදී මෙරට
ගොවිබිම් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කොට එම ගොවි බිම් වලට
ගැලපෙන ආකාරයට කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම අවබෝධතා ගිවිසුමට අනුව KAMICO විසින් උසස් තත්වයෙන් යුතුව
නිපදවා ඇති කෘෂි යන්ත්‍රෝපකරණ මෙරට වෙළදපල අවශ්‍යතා අනුව ගලපා
ඊට සරිලන ආකාරයට නවාංග එක්කොට ඒවා වැඩිදියුණු කොට එකලස් කිරීම
ජිනසේන කර්මාන්ත ශාලාවේදී සිදුකිරීමට නියමිත ය. මෙම නව වැඩපිළිවෙළ
ඔස්සේ ශ්‍රී ලාංකික වෙළදපලට පමණක් නොව අනිකුත් දකුණු ආසියානු රටවල්
වෙත මෙම කෘෂි යන්ත්‍රෝපකරණ අපනයනය කිරීමටද සැලසුම් කර ඇත.
ජිනසේන සමාගම සහ KAMICO අතර ඇති මෙම ගිවිසුම යටතේ තරඟකාරී
මිළ ගණන් වලට තත්වයෙන් උසස් කෘෂි යන්ත්‍රෝපකරණ මිළදී ගැනීමට
මෙරට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *