Sinhala සිංහල පුවත්

AI Camera පහක් සමඟින් එන Huawei Nova 5T සඳහා ඉහළ පාරිභෝගික ඉල්ලුමක්

Summary

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී හඳුන්වා දුන් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඉතා  ඉහළ ඉල්ලුමක් සහ ආකර්ෂණයක් වෙළඳපල තුළ පවතී.  අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙමින්   මෑතකදී වෙළඳපලට […]

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී හඳුන්වා දුන් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඉතා  ඉහළ ඉල්ලුමක් සහ ආකර්ෂණයක් වෙළඳපල තුළ පවතී.  අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙමින්   මෑතකදී වෙළඳපලට හඳුන්වා දුන් Nova 5T, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන  Black, Crush Blue හා Iconic – Midsummer Purple වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

ආකර්ෂණිය සහ පහසු නිමාවට අමතරව Nova 5T හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි  AI කැමරා පද්ධතියයි. උසස් ගණයේ ඡායාරූප සහ   වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 5T හි 48MP Sony IMX586  ප්‍රධාන  කාච, 16MP Ultra Wide Angle, 2MP Macro සහ 2MP Bokeh කාච සතු Rear කැමරා හතර උපකාරී වේ. තවද Huawei Nova 5T හි  32MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරන අතර එහි  4-in-1 pixel fusion මඟින් පරිශීලකයා මවිතයට පත් කරන ආකාරයේ දීප්තිමත් පෙනුමකින් යුත් සෙල්ෆි ඡායාරූපයක් ගැනීම පහසු කරයි.  

48 MP ප්‍රධාන පිටුපස කැමරාව  Sony ½-inch CMOS sensor යකින් යුක්තව ඇති අතර, එය Nova 5T අතිශයින්ම වෘත්තීමය ඡායාරූප උපාංගයක් බවට පත් කරයි. මීට  අමතරව, Huawei 5T  හි ඇති  ISO sensitivity ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන අතර  Huawei Nova 5T හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දේ.

සෙන්ටිමීටර 4ක් වැනි දුරක තිබෙන වස්තුන් ඉතා පැහැදිළි ලෙස ඡායාරූප ගත කිරීම සඳහා Nova 5T හි  bokeh තාක්ෂණයෙන් යුත් 2 MP Macro කාච ඉවහල් වන අතර මෙවැනි විශේෂාංග රැසකින් සමන්විත වන Huawei Nova 5T විශිෂ්ට ගණයේ ඡායාරූප ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් වෙනුවෙන්ම නිපදවා ඇති බව කිව හැකි. තවද  AI තාක්ෂණයයන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්වයකදී වුව ද පැහැදිළි ඡායාරූප සහ  blurfree වීඩියෝ ලබා ගැනීමේ හැකියාව Nova 5T තුළින් හිමි වේ.    

රුපියල් 69,999.00  හඳුන්වා දීමේ  මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස් , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.  පාරිභෝගිකයින්ට මාසිකව රුපියල් 1,945 ක් වැනි අඩු මුදලකට credit cards හරහා කොටස් වශයෙන් ගෙවීමද Huawei Nova 5T මිලදී ගත හැක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *