Sinhala

DIMO Healthcare සහ Varian එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල පරිවර්තනීය වෙනසක් ඇති කරයි

Summary

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අති නවීන ප්‍රතිකාර […]

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අති නවීන ප්‍රතිකාර විසඳුම් හඳුන්වා දෙනු ලැබීය.

ගෝලීය පිළිකා රෝග අධ්‍යයන විද්‍යා (Oncology) අංශයේ  ප්‍රමුඛයෙකු වන Varian, සිය විශේෂඥ දැනුම තුළින් නව්‍ය පිළිකා ප්‍රතිකාර විසඳුම් ලබා දෙයි. අපේක්ෂා මහරගම, ආසිරි ශල්‍ය රෝහල (කොළඹ 5), සහ සෙලින්කෝ පිළිකා මධ්‍යස්ථානය (කොළඹ 2) වැනි ආයතනවල යොදා ගන්නා Varian තාක්ෂණයන් දැනටමත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි. මෙම හවුල්කාරිත්වයෙහි අරමුණ වන්නේ රට පුරා උසස් පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රවේශවීමේ හැකියාව ඉහළ නැංවීමයි.

DIMO හි විධායක අධ්‍යක්ෂ  සහ DIMO Healthcare අංශය අධීක්‍ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “උසස් පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වරප්‍රසාදයක් නොවිය යුතුයි. සෑම ලාංකිකයෙකුටම උසස් පිළිකා ප්‍රතිකාර සඳහා අවස්ථාව ලැබිය යුතු බව අපි විශ්වාස කරනවා. Varian සමඟ ඇති මෙම හවුල්කාරිත්වය අති නවීන තාක්ෂණය පිළිබඳව පමණක් නොවන අතර ඒ තුළින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමෙන් සිහින හා අභිලාෂයන් බලගැන්වීමට හැකිවෙනවා.”

Varian’s Intelligent Cancer Care විසඳුම් මඟින් රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ පසු විපරම් සත්කාර නිසි ආකාරයෙන් සිදුකිරීම මඟින් රෝගීන්ට නිසි ප්‍රතිඵල ලබා දෙයි. එසේම Siemens Healthineers හි MedTech විශේෂඥතාව සමඟින් ශ්‍රී ලංකාවේ පිළිකා මර්දනයට පෙර නොවූ විරූ කාර්යක්ෂමතාවයක් සහ එලදායීතාවයක් රැගෙන එයි.

DIMO Healthcare, Varian සමඟ ඇති කරගෙන ඇති මෙම හවුල්කාරිත්වය තුළින් වේගවත් රෝග විනිශ්චයේ සිට නවීනතම තාක්ෂණයන් සහ විවිධ පුද්ගලයන්ට අවේනික වූ විකිරණ ප්‍රතිකාර සැලසුම් දක්වා පුළුල් පිළිකා ප්‍රතිකාර සත්කාරයක් සඳහා රෝගීන් යොමු කරනු ලබයි. මෙම සේවාවන්, ක්‍රියාවලියන් විධිමත් කිරීමට සහ වෛද්‍යවරුන් සඳහා කාර්යක්‍ෂමතාව ඇති කිරීමට උපකාර කරන අතර එමඟින් වැඩි රෝගීන් පිරිසකට ප්‍රතිකාර කිරීමේ හැකියාව උදාකරනු ලබයි.

DIMO Healthcare සතුව ඉහළ පුහුණුවලත් ඉංජිනේරු සේවා කණ්ඩායමක් සිටින අතර ඔවුන් විසින් ක්ෂණික යන්ත්‍ර ස්ථාපන කිරීම්, අවම කාලයකදී නඩත්තු සේවා සහ සූක්ෂම තත්ත්ව පාලනය යන කාරණා තහවුරු කරනු ලබයි. DIMO Healthcare විසින් Varian හි නවීන තාක්‍ෂණය බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම සහ එහි අඛණ්ඩ නඩත්තුව සහතික කරනු ලබයි.

DIMO Healthcare සහ Varian අතර ඇති මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහි සටනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *